ඔන්ලයින් සූදු පොළවල් 146කට වැට

    August, 7, 2026

    තවත් අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්රී ලංකාව තුළ වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර

    ශ්රී ලංකාව තුළ බලපත්ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට ශ්රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්යාංශය යටතේ පවතින ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (06) දින පියවර ගෙන ඇත. ඒ අනුව මේ වන විට තහනම් කර තිබෙන සමස්ත වෙබ් අඩවි ප්රමාණය 146 ක් වේ.
    මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන සූදු ක්රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්රතිපාදන සහ බලතල ප්රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ.
    සූදු ක්රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්ර ලබාගැනීමකින් තොරව ශ්රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්ය උපදෙස් ලබා දී ඇත.
    ශ්රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි:

    1. 1xbit.com
    2. melbet.org
    3. 1xstavka.ru
    4. 1xbet.ng
    5. 1xbetchina.com
    6. melbet.com
    7. 22bet1.co
    8. 22betglobal.com
    9. 1xbit
    10. 1xbetuganda.com
    11. 1xbet.ci/en
    12. 1xbet.lk
    13. 22bet1.co
    14. 22betglobal.com
    15. melbet.org
    16. melbet.com
    17. melbet-srilanka.com
    18. melbet.mobi
    19. melbet-lka.com
    20. bbwei818.com
    21. betway.se
    22. biwei198.com
    23. biwei388.com
    24. bwei88.com
    25. tiyu83.com
    26. betwaytai.com
    27. unibet.it
    28. unibet.ie
    29. unibet.de
    30. 888sport.es
    31. sport.mrgreen.com
    32. leovegas.com
    33. paf.com
    34. 32red.com
    35. redbet.com
    36. mybet.com
    37. paf.es
    38. betfair.com/exchange
    39. mountbet.com
    40. orbitexch.com
    41. orbitxch.com
    42. orbexch.com
    43. obx888.com
    44. 9wickets.com/exchange
    45. o198128.com
    46. cmd368.com
    47. 12bet.com
    48. 1bet.com
    49. ibcbet.com
    50. m88.com
    51. tlc820.com
    52. tic126.com
    53. 16889898.com
    54. dafavip.asia
    55. tenghsu.com
    56. chodeetsu.com
    57. bet365.gr
    58. bet365.it
    59. bet365.es
    60. bet365.dk
    61. bet365.se
    62. 38365365.com
    63. 123365-sb.com
    64. 348365365.com
    65. 365-808.com
    66. 188sb.com
    67. 365-588.com
    68. 356488.com
    69. 788-365.com
    70. 365365918.com
    71. 365212365.com
    72. 365365868.com
    73. 488365.com
    74. 365-88.com
    75. 365-868.com
    76. 868365.com
    77. 365066365.com
    78. 667-365.com
    79. 365-117.com
    80. ksur937.com
    81. bet365.com.cy
    82. 365365304.com
    83. 365sport365.com
    84. 1win.fyi
    85. 1win-srilanka.com
    86. xpresspackers.in
    87. thesweetpop.co.in
    88. 1wpcka.life
    89. one-vv3066.com
    90. spinbetter-srilanka.com
    91. 10cric-online.com
    92. 10cric2026.com
    93. bcgame.im
    94. megapari-srilanka.com
    95. pin-up.world
    96. pinupslots.net
    97. stake.bz
    98. stake.games
    99. staket2.com
    100. boylesports.com
    101. mostbet-srilanka.com
    102. mostbetbd.asia
    103. parimatch-srilanka.com
    104. parimatch.in
    105. betwinner-srilanka.com
    106. betwinner.ng
    107. linebet-srilanka.com
    108. 4rabet-srilanka.com
    109. 4rabet-web.com
    110. gautamtechnologies.in
    111. doublebetbd.com
    112. dbbet.co.tz
    113. db-bet.com/en
    114. dbbet.bet
    115. coldbet-bd.com
    116. coldbet.net.za
    117. coldbet.cm
    118. coldbet-srilanka.com
    119. coldbet-lk.com
    120. winwin57816.pro
    121. winwin-srilanka.com
    122. winwinbet.partners