වැලිබල් ෆිනෑන්ස් සමාගමේ වත්කම් පදනම රු. බිලියන 200 ඉක්මවයි

    August, 6, 2026

    සිය ආයතනික ගමන් මඟේ ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී රු. බිලියන 200ක වත්කම් පදනමක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇත.

    මේ බව නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ එස්.බී. රන්ගමුව පවසන්නේ 2026 ජූලි 31 දින වන විට සමාගමේ වත්කම් පදනම රු. බිලියන 200 කඩඉම ඉක්මවා ගොස් ඇති බවයි.