අද දිනයේ දී කොටස් වෙළෙඳපොළෙන් නිල වශයෙන් ඉවත් වන සමාගම මෙන්න

    August, 6, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම අද (06) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළෙ නිල ලැයිස්තුවෙන් ඉවත් වනු ඇත.

    ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී, මෙරට ප්‍රමඛ මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීම හේතුවෙන් එම සමාගම මෙලෙස කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව නිවේදනය කර සිටී.