August, 19, 2026
ශ්‍රී ලංකා - වියට්නාම සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වියට්නාමයේ හෝ චී මින් (Ho Chi Minh) නගරයේ සිට කොළඹට Vietjet ගුවන් සේවයේ පළමු සෘජු ගුවන් ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය.
දිවයිනට පැමිණි එයාර් බස් 320 ගුවන් යානයෙන් මගීන් 169 දෙනෙකු පැමිණි අතර, ගුවන් යානය කොළඹ සිට Ho Chi Minh ආපසු ගමනට මගීන් 171 දෙනෙකු ඇතුළත් විය.
මෙම ගුවන් ගමනට එක් වූ ගුවන් මගීන් ඇතුළු කාර්ය මණ්ඩලය පිළිගැනීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍යය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍යය මහාචාර්ය රුවන් රණසිංහ, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරුන් ද, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනී ට්‍රින් තී ටම් (Mr. Trinh Thi Tam) මහත්මිය ද සහභාගී වූහ. වියට්නාමයේ ශ්‍රි ලංකා තානාපති පෝෂිත පෙරේරා මහතා සමඟ ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ නිලධාරීන් ද ඊට එක් වූහ.
Vietjet ගුවන් සමාගම හා ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ඇන්ඩෘ ද ඒවියේශන් පුද්ගලික සමාගම මගී සේවා සහ පහසුකම් සලසා දෙන අතර, සතියේ සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන තෙදින තුළ කොළඹ හා Ho Chi Minh නගර අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.
Video Story