Top News

අගෝස්තුවේ දී මහ බැංකුව බිලියන භාගයකට වැඩිය ‌ඩොලර් අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2026 අගොස්තු මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 579ක් මිල දී ගෙන ඇති බව අනාවරණය කරයි. 2026 පෙබරවාරි මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 461 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර ඉන් අනතුරුව මැදපෙරදිග යුධමය වාතාවරණය උද්ගත වීම හමුවේ මහ බැංකුව මෙරට විනිමය වෙළෙඳපොළෙන්…

(0)Comments | September 7, 2026 7:00 am

කොටස් වෙළෙඳපොළ අද හොඳටම කරයි

අද (04) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් දැකගත හැකිවිය. කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 225.33ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළ අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 1.05%ක ඉහළ යාමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,620.44ක් ලෙසින්…

(0)Comments | September 4, 2026 3:57 pm

සයිබර් අපරාධ මැඬලීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී…

(0)Comments | September 4, 2026 2:28 pm

සිංගප්පූරු ආයෝජන සංසදයේ සාර්ථකත්වය සමඟ එරටින් ලැබුණු ආයෝජන 196% කින් ඉහළට

විදේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් විදේශිකයින් විසින් කොටස් මිලදී ගැනීම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසන්නේ මෙය ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන සම්බන්ධතාවල සාර්ථකත්වය පෙන්නුම් කරන්නක් බවයි….

(0)Comments | September 4, 2026 1:41 pm

කොළඹ කොටස් වෙළෙඳෙපාළ ආයෝජන අවස්ථා පුළුල් කරමින් “Invest Sri Lanka” ආයෝජක සමුළු අතිසාර්ථකව සිඩ්නි සහ මෙල්බර්න් නගරවල දී

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE), කොළඹ පෝට් සිටි සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික නියෝජිත ආයතන සමඟ එක්ව සංවිධානය කළ “Invest Sri Lanka” ආයෝජක සම්මන්ත්‍රණ මාලාව 2026 අගෝස්තු 17 සිට 20 දක්වා සිඩ්නි සහ මෙල්බර්න් නගරවලදී සාර්ථකව පැවැත්විණි. සිඩ්නිහිදී අගෝස්තු 17 වන දින Sheraton Grand Sydney Hyde Park හිදී…

(0)Comments | September 4, 2026 10:26 am

හත්වන සමාලෝචනයට IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමාලෝචනය කිරීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම එළඹෙන සති දෙකක සංචාරය ප්‍රධාන අරමුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

(0)Comments | September 4, 2026 7:19 am

හොන්ඩා වාහන හිමියන්ට දැනුම් දීමක්

ජපානයේ හොන්ඩා මව් සමාගම විසින් ඉදිරිපත් කර ඇති දැනුම් දීමකට අනුව හොන්ඩා Civic, CRV, Insight, City ඇතුළු වාහන මාදිලි කිහිපයකම දැනට ක්‍රියාත්මක SRS වායු මලු පද්ධති යාවත්කාලීන කිරීම දැන් සිදුකෙරෙන බව හොන්ඩා මෝටර් රථ ගෙන්වා බෙදාහැරීමේ ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිත සමාගම වන සී/ස ස්ටැෆර්ඩ් මෝටර් (පුද්) සමාගම විසින් සිය ගනුදෙනුකාර භවතුන්, අනුග්‍රාහකයන් හා මහජනතාව…

(0)Comments | September 3, 2026 4:39 pm

කොටස් වෙළෙඳපොළට හොඳ දවසක්. පිරිවැටුම රු. බිලියන 2 ඉක්මවයි. මිල දර්ශකත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල සක්‍රීය ස්වභාවයක් අද (03) දිනය තුළ දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 69.47ක වර්ධනයක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 11.75ක සුළු වර්ධනයක් අත්පත් කර ගනු ලැබීය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,395.11ක් සහ S&P SL20 දර්ශකය ඒකක 5,995.25ක් ලෙසින් වාර්තා විය….

(0)Comments | September 3, 2026 4:00 pm

ඊයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල සුළු පහළ යාමක්

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (02) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හි පරිණත කාලයන් අනුව දින 91, 9.06% සිට 8.96%ක් දක්වා පදනම් අංක 10කින්, දින 182, 9.44% සිට 9.27% ක් දක්වා පදනම් අංක 17කින් සහ…

(0)Comments | September 3, 2026 3:22 pm

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට අදාළ ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡාවක්

ඉන්දීය රජයේ සහයෝගය ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කරන ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී අද (03) පෙරවරුවේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් පැවත් අතර ඉන්දීය රජය නියෝජනය කරමින්, නියෝජ්‍ය ඉන්දීය…

(0)Comments | September 3, 2026 2:04 pm