ඊයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල සුළු පහළ යාමක්

    September, 3, 2026

    රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (02) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි පහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හි පරිණත කාලයන් අනුව දින 91, 9.06% සිට 8.96%ක් දක්වා පදනම් අංක 10කින්, දින 182, 9.44% සිට 9.27% ක් දක්වා පදනම් අංක 17කින් සහ දින 364, 9.89% සිට 9.81%ක් දක්වා පදනම් අංක 8ක් ලෙසින් පහළ ගොස් ඇත.

    මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබූ මුළු බිල්පත් ප්‍රමාණය රු. මිලියන 80,000ක් වන අතර රු. මිලියන 203,306ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබූ තිබුණි. ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 80,000ක ලංසු අනුමත කිරීමට එහිදී පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධ සටහනක් පහතින් දැක්වේ.