September, 7, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2026 අගොස්තු මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 579ක් මිල දී ගෙන ඇති බව අනාවරණය කරයි.
2026 පෙබරවාරි මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 461 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර ඉන් අනතුරුව මැදපෙරදිග යුධමය වාතාවරණය උද්ගත වීම හමුවේ මහ බැංකුව මෙරට විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම අධෛර්යමත් වී තිබිණි. කෙසේවෙතත් පසුගිය 2026 ජූලි මාසයේ දී නැවත වරක් ආක්‍රමණශීලී ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වෙමින් ඩොලර් මිලියන 348.6ක් මිල දී ගැනීමට මහ බැංකුව පියවර ගන්නා ලදී.
මේ අනුව මෙම 2026 වසර තුළ දී මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශී විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති මුළු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 1,485 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Video Story