ශ්‍රී ලංකාවේ ඩොලර් ණය වැඩි වෙද්දී රුපියල් ණය අඩුවෙයි

    September, 2, 2026

    2026 දෙවන කාර්තුව අවසානයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 97,952ක් ලෙසින් වාර්තා වේ. මෙය 2026 පළමු කාර්තුවේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 102,267 හා සැසඳීමේ දී 4.21%ක පහළ යාමක් වේ.

    මෙම සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 95,047ක් වූ රාජ්‍ය ණය, ඩොලර් මිලියන 2,885ක් වූ රාජ්‍ය ව්‍යවසාය ණය සහ ඩොලර් මිලියන 20ක් වූ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ණයවලින් සමන්විත වේ.

    2026 දෙවන කාර්තුව තුළ දී දේශීය ණය ඩොලර් මිලියන 61,497 සිට ඩොලර් මිලියන 57,039ක් දක්වා පහළ ගොස් ඇති අතර එහිදී රුපියල්වලින් නාමකරණය කරන ලද ණය ප්‍රමාණය රු. බිලියන 18,689 සිට රු. බිලියන 18,462ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇත. දේශීය ණයවල අන්තර්ගත විදේශ විනිමයෙන් නාමකරණය කරන ලද ණය ප්‍රමාණය 2026 පළමු කාර්තුව අවසානයේ දී ඩොලර් මිලියන 2,203ක් වූ අතර එම ප්‍රමාණය 2026 දෙවන කාර්තුව අවසානයේ දී ඩොලර් මිලියන 2,201ක් ලෙසින් වාර්තා වී ඇත.

    මේ අතර සමස්ත විදේශ ණය ප්‍රමාණය පසුගිය කාර්තුව තුළ දී ඩොලර් මිලියන 37,468 සිට ඩොලර් මිලියන 38,008ක් දක්වා ඩොලර් මිලියන 540කින් වැඩි වී තිබේ.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.