කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද ලොකු වෙනසක් නැහැ. පිරිවැටුම රු. බිලියන 2 ඉක්මවයි

    September, 7, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක් අද (07) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.22කින් ඉහළ ගොස් ඒකක 21,623.66ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 7.63කින් ඉහළ ගොස් ඒකක 6,066.55ක් ලෙසත් වාර්තා වී තිබුණි.

    අද දින රු. බිලියන 2.13ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර ප්‍රධාන වශයෙන් දේශීය ගනුදෙනුකරුවන්ගේ දායකත්වය එහිදී කැපීපෙනුණි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.11ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 2.09ක් ලෙසත් වාර්තා වුණි. විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 22ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 41ක් ලෙසින් ඉතා පහළ මට්ටමක විය.