September, 22, 2026
Resus Energy PLC සමාගම අම්පාර, දමන ප්‍රදේශයේ පිහිටි සිය නව සූර්ය විදුලි බලාගාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව නිවේදනය කර ඇත.
මෙම ව්‍යාපෘතිය Resus Energy PLC සමාගමට සම්පූර්ණයෙන්ම අයත් අනුබද්ධ සමාගමක් වන Resus Eastern Solar (Pvt) Limited මගින් සංවර්ධනය කර ක්‍රියාත්මක කර තිබේ. මෙම බලාගාරය මගින් වාර්ෂිකව පිරිසිදු බලශක්තිය ගිගාවොට් පැය 3.5 ක් (3.5 GWh) පමණ ජාතික විදුලි බල පද්ධතියට උත්පාදනය කර සැපයීමට අපේක්ෂා කෙරේ.
සමාගම විසින් නිකුත් කරන ලද නිල නිවේදනයට අනුව, මෙම බලාගාරය මගින් සමාගම් සමූහයේ පුනර්ජනනීය බලශක්ති කළඹ තවදුරටත් ශක්තිමත් වන අතර, තිරසාර බලශක්ති භාවිතය වෙත ශ්‍රී ලංකාව තබන පියවරට ද සහායක් හිමිවේ.
Video Story