September, 22, 2026
වියට්ජෙට් සමාගම ගුවන්යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO), ගුවන් යානා අමතර කොටස් සහාය, ඩිජිටල් ගුවන් සේවා, කෘතිම බුද්ධිය සහ සයිබර් ආරක්ෂණය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් තේල්ස් (Thales) සහ CFM International සමාගම සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කර තිබේ.
මෙම තාක්ෂණික හැකියාවන් වියට්ජෙට්හි වේගයෙන් ව්‍යාප්ත වන ගුවන් යානා සමූහය ශක්තිමත් කිරීමට මෙන්ම, කොළඹ – හෝ චි මින් නගරය අතර සෘජු ගුවන් සේවාව ඇතුළු එහි ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් කිරීමට ද විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.
වියට්නාමයේ මහලේකම් සහ ජනාධිපති ටෝ ලාම් මහතාගේ ප්‍රංශ නිල සංචාරය අතරතුරේ දී මෙම ගිවිසුම් පැරිස් නුවරදී ප්‍රකාශයට පත් කරන ලදී. මෙහිදී වියට්ජෙට් සහ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවා තාක්ෂණික හවුල්කරුවන් දෙදෙනා අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන අතර එමගින් වියට්නාමය සහ ප්‍රංශය අතර පුළුල් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.
ගුවන්යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO), කෘතිම බුද්ධිය සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍ර හරහා තේල්ස් (Thales ) සමාගම සමඟ සහයෝගීතාව පුළුල් කිරීම.
සැප්තැම්බර් 10 වන දින වියට්නාම නියෝජිත පිරිසේ ප්‍රංශ නිල සංචාරය අතරතුරදී, වියට්ජෙට් සහ තේල්ස් (Thales ) සමාගම අතර ප්‍රධාන ගුවන්යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම උපායමාර්ගික Repair-By-The-Hour (RBTH) ගිවිසුම යටතේ, A320/A321, A321neo/A321XLR, A330 සහ A330neo ඇතුළු වියට්ජෙට් සතු Airbus ගුවන් යානා සමූහයේ අමතර කොටස් සඳහා නඩත්තු සේවා සැපයීමට තේල්ස් (Thales) සමාගම කටයුතු කරනු ඇත. එසේම A330neo ගුවන් යානා ද, වියට්ජෙට් හි කොළඹ ගුවන් ගමන් සඳහා යොදාගන්නා Airbus ගුවන් යානා කාණ්ඩයටම අයත් වේ.
මෙම හවුල්කාරිත්වය මගින් ගුවන් යානා නඩත්තුවේ තාක්ෂණික විශ්වාසනීයත්වය සහ ගුවන් යානා භාවිතයට ඇති හැකියාව ඉහළ නංවන අතරම පිරිවැය අවම කර මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට ද හැකි වනු ඇත.
තවද, වියට්ජෙට් සහ තේල්ස් (Thales) සමාගම ඩිජිටල් ගුවන් සේවා, ගුවන් තාක්ෂණයේ භාවිත වන ඉලෙක්ට්‍රොනික ශිල්පීය ක්‍රම, සයිබර් ආරක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය මගින් බලගැන්වෙන ගුවන් සේවා මෙහෙයුම් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීය. මෙම සහයෝගීතාව යටතේ ආරක්ෂිත ක්ලවුඩ් විසඳුම් (cloud solutions), පූර්ව අනාවැකි විශ්ලේෂණ (predictive analytics) සහ ගුවන් සේවා මෙහෙයුම් සඳහා තීරණ ගැනීමේ සහායක තාක්ෂණය පිළිබඳව ගවේෂණය කිරීමට නියමිතව තිබේ.
වියට්ජෙට් හි ප්‍රධාන විධායක නිලධාරී න්ගුයෙන් තාන් සොන් (Nguyen Thanh Son) මහතා ප්‍රකාශ කොට සිටියේ තේල්ස් (Thales) සමඟ අපගේ හවුල්කාරිත්වය වියට්ජෙට් හි ගුවන් යානා සමූහයේ විශ්වාසනීයත්වය, ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පමණක් නොව, ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ සයිබර් ආරක්ෂණය යන ක්ෂේත්‍රවල නව සහයෝගීතා සඳහා ද මංපෙත් විවර කරනු ඇති බවයි. තවද ප්‍රමුඛ පෙළේ ප්‍රංශ හවුල්කරුවන් සමඟ එක්ව, තාක්ෂණික දැනුම සහ ගුවන් සේවා වෙළෙඳපොළ අතර සම්බන්ධතාව ශක්තිමත් කරමින්, වියට්නාමය සහ ප්‍රංශය අතර පවතින පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ වෙළෙඳ, ආයෝජන සහ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
මෙම ගිවිසුම් මගින් වියට්ජෙට් සහ තේල්ස් (Thales) සමාගම අතර හවුල්කාරිත්වයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරන අතර එමගින් වියට්නාමය සහ ප්‍රංශය අතර ආර්ථික, තාක්ෂණික සහ කාර්මික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.
CFM International සමාගම සමඟ එක්ව ඊළඟ පරම්පරාවේ LEAP නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) පිළිබද ගවේෂණය කිරීම
වියට්ජෙට් සහ CFM International සමාගම වියට්නාමය තුළම LEAP එන්ජින් නඩත්තුව, අලුත්වැඩියාව සහ ප්‍රතිසංස්කරණය කටයුතු වර්ධනය කර ගැනීමේ හැකියාව අධ්‍යයනය කිරීම සඳහා LOI ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම LOI ගිවිසුමේ කොන්දේසි යටතේ, වියට්නාමය තුළ දේශීය එන්ජින් නඩත්තු විසඳුමක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නඩත්තුව, අලුත්වැඩියාව සහ ප්‍රතිසංස්කරණ සේවා, තාක්ෂණික හැකියාවන්, යටිතල පහසුකම්, ශ්‍රම බලකාය සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ අවශ්‍යතා ඇගයීමට මෙන්ම, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදේශන සේවා වියට්ජෙට් සමාගම වෙත සැපයීමට CFM International කටයුතු කරයි.
වියට්ජෙට් සිය ඊළඟ පරම්පරාවේ ගුවන් යානා සමූහය අඛණ්ඩව පුළුල් කරමින් සිටින පසුබිමක මෙම පියවර ගෙන තිබේ. මෙමගින් අනාගතයේ භාවිතයට ගැනීමට නියමිත LEAP එන්ජින් සඳහා ගුවන්යානා නඩත්තුව, අලුත්වැඩියාව සහ ප්‍රතිසංස්කරණය සේවා හැකියාවන් වර්ධනය කිරීම මගින් ගුවන් සමාගමේ දිගුකාලීන මෙහෙයුම් සඳහා සහාය සැලසෙන අතරම, වියට්නාමයට ඉහළ වටිනාකමකින් යුත් ගුවන් හා අභ්‍යවකාශ සේවා සංවර්ධනය කිරීමට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සුදුසුකම් ලත් ඉංජිනේරුවන් පුහුණු කිරීමට සහ ගෝලීය ගුවන් සේවා සැපයුම් දාමය තුළ සිය භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇත.
2014 වසරේදී CFM56 එන්ජිම මගින් බලගැන්වූ පළමු Airbus A320ceo ගුවන් යානය වියට්ජෙට් වෙත එක්වීමත් සමඟ CFM සමාගම එහි වර්ධනයට අඛණ්ඩව සහාය වී ඇත. වර්තමානයේදී වියට්ජෙට් CFM56 එන්ජින්වලින් බලගැන්වෙන A320ceo සහ A321ceo ගුවන් යානා 50ක් සිය මෙහෙයුම් සඳහා යොදා ගනී. CFM LEAP-1B එන්ජින්වලින් බලගැන්වෙන 737-8 සහ 737-8-200 යානා ඇතුළත් Boeing 737-8 ගුවන් යානා 200ක් සඳහා වියට්ජෙට් මෑතකදී සිදු කළ එම ඇණවුමත් සමඟ දෙපාර්ශ්වය අතර හවුල්කාරිත්වය නව අදියරකට පිවිස තිබේ.
වියට්ජෙට් හි ගෝලීය ව්‍යාප්තියට අවශ්‍ය පදනම ගොඩනැගීම
CFM International සහ තේල්ස් (Thales ) සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වයන් හරහා එන්ජින් හා අමතර කොටස් නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO), ඩිජිටල් ගුවන් සේවා, කෘත්‍රිම බුද්ධිය සහ සයිබර් ආරක්ෂණය යන ක්ෂේත්‍රවල වියට්ජෙට් සතු තාක්ෂණික හැකියාවන් තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත. එමගින් එහි ගුවන් යානා සමූහය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය සහාය ද සැලසෙනු ඇත.
ශ්‍රී ලංකාව ද වියට්ජෙට් සමාගම සතු මෙම ගෝලීය වර්ධනයේ වැදගත් කොටසක් බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 18 වන දින වියට්ජෙට් කොළඹ සහ හෝ චි මින් නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමත් සමඟ, මෙම නව ගුවන් මාර්ගය දෙරට අතර වැදගත් සම්බන්ධතාවක් ගොඩනගා තිබේ. ගෝලීය වශයෙන් වියට්ජෙට් ගුවන් යානා සමූහය ශක්තිමත් කිරීමට තේල්ස් (Thales) සමාගම විසින් සපයනු ලබන නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) සේවා සහාය සහ CFM International සමඟ ඇති ඉංජිනේරු හවුල්කාරිත්වය හරහා මෙම ගුවන් මාර්ගයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වේ. ආසියා-පැසිෆික් කලාපය පුරා සිය ජාලය තවදුරටත් පුළුල් කරමින්, මෙම ඔක්තෝබර් මාසයේදී සිය පළමු යුරෝපීය ගුවන් සේවාව දියත් කිරීමට සූදානම් වන වියට්ජෙට්හි තාක්ෂණය, මානව දක්ෂතාවය සහ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි සිය දිගුකාලීන අවධානය මෙම ආයෝජන හරහා යළිත් තහවුරු කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලාංකික මගීන්ට ද කොළඹ සිට ක්‍රියාත්මක වන සෑම ගුවන් ගමනකදී ම මෙම වැඩිදියුණු කළ මෙහෙයුම් ප්‍රමිතීන්හි ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා එන්ජින් නඩත්තු හා අලුත්වැඩියා කටයුතු ගවේෂණය වෙනුවෙන් වියට්ජෙට් සමාගම සහ CFM International අතර LOI ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව

වියට්ජෙට් සහ ප්‍රංශයේ ප්‍රමුඛ ආරක්ෂක සහ සයිබර් ආරක්ෂණ සමාගමක් වන තේල්ස් (Thales) සමාගම ගුවන්යානා නඩත්තු සේවා සහ ඩිජිටල් ගුවන් සේවා පිළිබඳ ගිවිසුම් හුවමාරු කර ගැනීම පැරිස් නුවර Élysée Palac හෝටල් පරිශ්‍රයේදී වියට්නාමයේ මහලේකම් සහ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) මහතා ඉදිරියේ දී සිදු වු අවස්ථාව
(ඡායාරූපය: වියට්නාම පුවත් ඒජන්සිය)
Video Story