ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව හත්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

    October, 5, 2026

    ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

    ජා.මූ. අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු සහ ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 345ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.