රට විරුවන්ගෙන් ඩොලර් ලැබීම් වාර්තාගත ලෙස ඉහළට

    October, 12, 2026

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 734.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ විදේශ සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,865.4ක් හෙවත් ඩොලර් බිලියන 6.86ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙය 2025 වසරේ මුල් මාස 09 තුළ ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 5,811.7 හා සැසඳීමේ දී 18.1%ක කැපීපෙනෙන වර්ධනයකි.

    මේ අතර රුපියල් පදනම මත 2026 මුල් මාස 09 තුළ ප්‍රේෂණ ලැබීම් රු. බිලියන 2,215.4ක් ලෙසින් වාර්තා වේ. එය 2025 මුල් මාස 09හි විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය වූ රු. බිලියන 1,738.7 හ සැසඳීමේ දී 27.4% ක සුවිශේෂී වර්ධනයක් වනු ඇත.