නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද කොළඹ 13, සිරිල් සී. පෙරේරා මාවතේ පිහිටි Harbour View Residencies මහල් නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මිලදී ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය 09 වැනිදා බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු විය.
එහිදී, ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ද, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති එම්.ජී. හේමචන්ද්‍ර මහතා ද අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිවාස අධ්‍යක්ෂ එම්.එච්.වී.ආර්. කුමාර් මහතා, නීති අංශ අධ්‍යක්ෂිකා ඩී.එම්. කිරිවත්තුඩුව මහත්මිය, නීති නිලධාරී හසිත් සුබසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.