July, 20, 2026
මෙරට ඉන්ධන වෙළෙඳාමේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී, 2026 ජූනි 30න් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය ප්‍රකාශ නිකුත් කර තිබේ.
මෙම මූල්‍ය ප්‍රකාශවලට අනුව අදාළ කාර්තුව වෙනුවෙන් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභයරු. බිලියන 1.52ක් ලෙසින් සටහන් වේ. කෙසේවෙතත් මෙය 2025 වර්ෂයේ ජූනි කාර්තුවේ දී සමාගම වාර්තා කළ රු. බිලියන 2.32ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 34%ක පහළ යාමකි.
මෙම කාර්තුව තුළ දී සමාගමේ ආදායම රු. බිලියන 62.53 සිට රු. බිලියන 92.10ක් දක්වා 47%කින් කැපීපෙනෙන ලෙස ඉහළ ගියද, සමාගමේ විකුණුම් පිරිවැය ද රු. බිලියන 57.74 සිට රු. බිලියන 88.31ක් දක්වා වාර්තාගත ලෙස 53%කින් ඉහළ ගොස් තිබීම මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකළ යුතු කරුණකි. මේ හේතුවෙන් ලංකා IOC සමාගමේ දළ ලාභය රු. බිලියන 4.79 සිට රු. බිලියන 3.79ක් දක්වා රු. බිලියනයකින් එනම් 21%කින් පහළ යාම, ප්‍රධාන වශයෙන් මෙම කාර්තුවේ දී සමාගමේ ලාභදායීත්වය පහළ බැසීමට හේතු වී ඇති බව මූල්‍ය වාර්තා නිරීක්ෂණයේ දී පැහැදිලි වනු ඇත.
2026 අප්‍රේල් - ජූනි කාර්තුව සඳහා ලංකා IOC පීඑල්සී හි ආදායම් ප්‍රකාශය පහතින් දැක්වේ.

Video Story