හිතාමතා බදු නොගෙවා සිටින්නන්ට එරෙහිව අපරාධමය නඩු 

    July, 20, 2026

    2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත 2026 ජූලි 03 වන දින සිට බලාත්මක වේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, එම සංශෝධන පනත මඟින් ඇතැම් ආදායම් බදු අනුකූලතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වන තැනැත්තන්ට එරෙහිව අපරාධමය නඩු පැවරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට හැකිවන විධිවිධාන හඳුන්වා දී ඇති බවයි.

    එහිදී නඩු පැවරිය හැකි වැරදි ලෙස,

    • ආදායම් බදු කාර්යයන් සඳහා ලියාපදිංචි නොවීම,
    • ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම,
    • රඳවා ගැනීමේ බදු - සහ අත්තිකාර්ම පුද්ගල ආදායම් බදු වාර්ෂික ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම,

    ඇතුළුව ව්‍යවස්ථාපිත විධිවිධාන මගින් නියම කර ඇති අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වන බදු ගෙවන්නෙකුට නඩු පැවරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

    මේ පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.