සෙලින්කෝ ලයිෆ් වෙතින් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයින් 1,000කට අධික පිරිසක් සඳහා පර්ල් බේ හි අමතක නොවන විනෝද දිනයක්

    July, 17, 2026

    සෙලින්කෝ ලයිෆ් සමාගම සිය දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ හි තවත් සුවිශේෂී අදියරක් ලෙස, ශ්‍රී ලංකාව පුරා සිටින රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව 1,000කට අධික පිරිසකට පර්ල් බේ විනෝද උද්‍යානයේ සතුට, විනෝදය සහ මතකයන්ගෙන් පිරි අමතක නොවන දිනයක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත.

    දිවයිනේ සියලු‍ම පළාත් සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පවුල් 270කට අධික සංඛ්‍යාවක් මෙම විශේෂ අවස්ථාවට එක් වූ අතර, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විනෝද ගමනාන්තවලින් එකක් වන පර්ල් බේ, එදින ඔවුන් වෙනුවෙන්ම සකස් කරන ලද පෞද්ගලික විනෝද අවකාශයක් බවට පත්විය.

    සියලු‍ම සහභාගී වූවන්ට ප්‍රවේශපත්‍ර, උදෑසන ආහාර සහ දිවා ආහාර නොමිලේ ලබා දුන් අතර, කිසිදු බාධාවකින් තොරව මෙම දිනය භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙන ලදී. කිලෝමීටර් 100කට වැඩි දුරකින් පැමිණි රක්ෂණ ඔප්පු හිමියන් සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සපයා තිබූ අතර, සෑම කණ්ඩායමක් සමඟම සෙලින්කෝ ලයිෆ් නියෝජිතයන් එක්ව ගමනාගමන කටයුතු සම්බන්ධීකරණය කරමින් සහාය ලබා දුන්හ.

    එසේම, කිලෝමීටර් 200කට වැඩි දුරක සිට පැමිණි පවුල් සඳහා ප්‍රවාහන පහසුකම් සහ රාත්‍රී නවාතැන් පහසුකම් ඇතුළත් සම්පූර්ණ අනුග්‍රාහකත්ව පැකේජයක් ලබා දීමෙන්, මෙම අත්දැකීම සියලු‍ දෙනාටම පහසුවෙන් සහභාගි විය හැකි ලෙස සකස් කිරීමට සමාගම කටයුතු කළේය.

    මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද එක් වූ අතර සහභාගිවන්නන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් එදින උත්සවයේ සතුට බෙදා ගත්හ. තවද, ‘ෆැමිලි සවාරි’ සන්නාම තානාපතිවරුන් වන රොෂාන් රණවන, කුෂ්ලානි රණවන සහ ඔවුන්ගේ පුත් මිනෙත් ද මෙම අවස්ථාවට එක්වීමෙන් සහභාගී වූවන් ගේ අත්දැකීම තවත් ඔප්නංවන ලදී.

    පර්ල් බේ හි මෙම විශේෂ අත්දැකීම, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම සහ දීර්ඝතම පාරිභෝගික ප්‍රතිලාභ වැඩසටහන ලෙස සැලකෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ එක් සුවිශේෂී අංගයකි.

    2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සහ 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී.