කාගිල්ස් බැංකුව, කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් තුල සුපිරි වෙළඳසැල් බැංකුකරණ පහසුකම හරහා රුපියල් බිලියන 5ක ගනුදෙනු සීමාව ඉක්මවයි

    March, 27, 2018

    කාගිල්ස් බැංකුව, ඉතා කෙටි කාල සීමාවක් තුල ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කර ඇති අතර මෑතකදී පාරිභෝගිකයන් විසින් විශිෂ්ඨ වූ සුපිරි වෙළඳසැල් බැංකුකරණ සේවාව භාවිතා කරමින් බිලියන 5කට අධික වට්නාකමින් යුත් ගනුදෙනු සිදු කිරීම මගින් තවත් වාර්තාවක් බිඳ හෙලීමට සමත් විය.

    කාගිල්ස් බැංකුව විසින් සිය පක්ෂපාතී පාරිභෝගිකයන් වෙත පිරිනමනු ලබන තිළිණයක් වශයෙන්, මුළු තැන්පතු වල වටිනාකම බිලියන 5ක් දක්වා රැගෙන යාමට සිය මුදල් තැන්පත් කිරීම මගින් අප හා එක් වූ පාරිභෝගිකයාද ඇතුළුව, කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් තුල බැංකු ගනුදෙනු සිදු කිරීම සඳහා Cargills Cash පහසුකම භාවිතා කරනු ලැබූ පාරිභෝගිකයින් පස් දෙනෙකු තෝරා ගන්නා ලදී. එම එක් එක් ජයග්‍රාහකයින් සඳහා කාගිල්ස් බැංකුවෙහි ප්‍රධාන පාර්ශවකරුවන් විසින් රු. 10,000/-ක් වටිනා ගෙවීම් නියෝග පිරිනමන ලදී.

    පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී බුද්ධික පෙරේරා මහතා විසින් Cargills Cash සේවාව, එම පහසුකම් භාවිතා කිරීම මගින් ලබා ගත හැකි ප්‍රතිලාභ සහ පාරිභෝගිකයින් වෙනුවෙන් සකස් කර ඇති අනාගත සැලසුම් යනාදිය සම්බන්ධයෙන් විස්තර කර ඒ පිලිබඳ ඔහුගේ දැක්ම අප සමග බෙදා ගන්නා ලදී.

    උපුටා ගැනීම්:

    ප්‍රශ්නය : Cargills Cash පිලිබඳ ඔබට හඳුන්වාදීමක් කල හැකිද?

    පිළිතුර : Cargills cash යනු කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා ජාලය හරහා මූලික බැංකුකරණ කාර්යන් හතරක් සිදු කිරීම සඳහා අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ ජංගම දුරකථනය පදනම් කර ගත් විසඳුමකි. කාගිල්ස් බැංකුව සමගින් දැන් බැංකුකරණය, ඔබගේ ජංගම දුරකථන උපාංග මගින් යෙදුමක් බාගත කර ගන්නා තරම් පහසු කටයුත්තක් බවට පත් කර ඇත.

    Cargills Cash මගින් ලබා දෙනු ලබන සේවාවන් අතර මුදල් තැන්පත් කිරීම, ආපසු ගැනීම සහ කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙම සේවාව මගින් ඒ සඳහා ගෙවීම් සිදු කිරීම මෙන්ම මුදල් හුවමාරු කිරීමේ හැකියාව හරහා ශ්‍රී ලංකාව තුල සිටින ජාතික හැඳුනුම්පතක් සහ ජංගම දුරකතනයක් හිමි ඕනෑම පුද්ගලයෙකු වෙත මුදල් යැවීමේ හැකියාවද පවතී.

    ප්‍රශ්නය : සිය පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කිරීමට කාගිල්ස් බැංකුව සඳහා හේතු සාධක වූයේ  කුමක්ද?

    පිළිතුර : “දිරියට පන දෙන බැංකුව” යන මූලික අරමුණට සමගාමීව අපගේ පාරිභෝගිකයින්ට ගැලපෙන පරිදි වෙනස් වූ බැංකුකරණ දැක්මක් සමගින් මෙම ජංගම දුරකථන බැංකුකරණ පහසුකම ක්‍රියාත්මක කරන ලදී. අපගේ විශාලතම ශක්තිය වන්නේ කාගිල්ස් ෆුඩ් සිටි ජාලය සමග අපගේ ඇති සබදතාවයි. කාගිල්ස් ෆුඩ් සිටි සහ කාගිල්ස් බැංකුව අතර ඇති මෙම සබදතාව, මෙම පහසුකම සඳහා සුවිශේෂී ප්‍රවේශයක් ලබා දේ. එය මෙම වෙළඳපොල තුල අපට හිමි වන අසමසම සාධකයකි. මෙම පහසුකම් වලට අමතරව, ජංගම දුරකථන බැංකුකරණ පහසුකම තුල මුදල් හුවමාරුවෙහි සිට උපයෝගිතා බිල්පත් ගෙවීම් දක්වා වූ සාමාන්‍ය බැංකුවක් මගින් සිදුවන අනෙක් සියලුම බැංකුකරණ ක්‍රියාකාරිත්වයන්ද අන්තර්ගත වේ.

    ප්‍රශ්නය :  මෙම සේවාව සපයනු ලබන්නේ කාසඳහාද, මෙම පහසුකම නිතර භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ ජිවිතයට පහසුව සලසා ඇත්තේ කෙසේද?

    පිළිතුර : බැංකු ක්‍ෂේත්‍රය වෙත ඇතුලු වූ දින සිට කාගිල්ස් බැංකුව කාලෝචිත සහ පරිශීලකයන් මත පදනම් වූ බැංකුකරණ සේවාවන් සැපයීමෙහි පෙරමුණ ගෙන සිටී. කාගිල්ස් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහල නංවමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන්, කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් තුලම නව පාරිභෝගිකයින් සඳහා ගිණුම් ආරම්භ කිරීමේ හැකියාව ලබා දෙමින් ශ්‍රී ලංකාවෙහි බොහෝ පළාත් ආවරණය වන පරිදි ශාඛා 30ක සිය නිලධාරින් යොදවා තිබේ. මිනිත්තු කිහිපයක් තුල ගනුදෙනුකරුවන්හට ක්ෂණිකව ගිණුමක් විවෘත කිරීම සඳහා අපගේ නියෝජිතයින් සහය වනු ඇත.

    මෙම ස්ථානයන් සඳහා ස්ටේපල් මාවත, කළුතර, නාවල, කෑගල්ල, කිරුලපන, ගම්පහ, ගල්කිස්ස, ජාවත්ත, පැලවත්ත, දඹුල්ල, අම්බලන්ගොඩ, මඩකලපුව, මාතලේ සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පිහිටි කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් ඇතුලත් වේ. කාගිල්ස් ෆුඩ් සිටි සමූහය තුල ලබා දෙනු ලබන මෙම සේවා පහසුකම අත්විඳිම සඳහා එක්වන ලෙස අපගේ පාරිභෝගිකයින් වෙත අපි ආරාධනා කරමු.

    ප්‍රශ්නය: මෙම ගනුදෙනු වල ඇති ආරක්‍ෂිත බව පිළිබඳව ඔබට පැහැදිලි කල හැකිද?

    පිළිතුර: බැංකුවක් වශයෙන් අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ගනුදෙනු වල සුරක්ෂිත බව සහතික කිරීම පමණක් නොව, අපගේ ගනුදෙනුකරුවන්ටද සුරක්ෂිත බවට හැඟෙනු ඇති බවට වග බලා ගැනීමයි. බොහෝ පර්යේෂණ හා විශ්ලේෂණයන්ගෙන් පසුව, පාරිභෝගිකයෙකු හට භාවිතා කල හැකි වඩාත් ආරක්ෂිතම සේවාවක් ලෙස Cargills Cash යෙදුම සංවර්ධනය කරන ලදී. කාගිල්ස් බැංකුව දැනට පවතින සයිබර් ආරක්ෂණ හැකියාවන් ඉහල නැංවීම සඳහා IBM හි සයිබර් ආරක්ෂණ විසඳුම් සක්‍රීය කර ඇත.  එමෙන්ම අතිශය සංකීර්ණ සිද්ධිවලට එරෙහිව ප්‍රභල නිවාරක ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන අතරතුර, දියුණු කල ආරක්ෂණ පද්ධතිද අප විසින් සක්‍රීය කර ඇත.

    පාරිභෝගිකයාට තම ජංගම උපාංග හරහා සත්‍යාපනය කල ගනුදෙනු වල යෙදීම සඳහා ඉඩ සලසා දෙමින් සියලු ගනුදෙනු සාධක දෙකක සත්‍යතාවයන් සහතික කිරීම මගින් සුරක්ෂිත කර ඇත. ගනුදෙනුකරුවන් හට වසරේ දින 365 පුරා දීර්ඝ කරන ලද කාල සීමාවන් තුල විවෘතව පවතින දිවයින පුරා පිහිටි කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල් වෙත ගොස් සිය බැංකුකරණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ හැකියාව ලබා දී ඇති බැවින්, මෙම සේවාවෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ ඒ සතු ඉහල ප්‍රවේශවීමේ හැකියාවයි.

    ප්‍රශ්නය : කාගිල්ස් බැංකුව වෙත එහි පාරිභෝගිකයින්ගෙන් මම යෙදුම පිලිබඳ ලැබී ඇති ප්‍රතිචාර කෙසේද?

    පිළිතුර : Cargills Cash සමගින් බැංකු කටයුතු සිදු කිරීම මගින් ඔවුන්ගේ ජීවිතය ඉතා පහසුදායක බවට පත් වී ඇති බැවින්, අපගේ පාරිභෝගිකයින් වෙත මෙම යෙදුම හඳුන්වාදුන් අවස්ථාවේ සිටම ඔවුන්ගෙන් අප වෙත ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතී. අපගේ ගනුදෙනුකරුවන්ගෙන් අප වෙත ලැබෙන නිර්දේශයන් අපි අගය කරමු. එමෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් මෙම සේවාවෙහි ධනාත්මක වටිනාකමක් දැකීම හේතු කොට ගෙන අප සමග හවුල්කරුවන් ලෙස එක් වීමට පෙළගැසී සිටිනු අපට දැකිය හැකි වී ඇත. එලෙස  ikman.lk, tickets.lk, Sri Lankan Airlines ආදී ආයතන, අප සමග හවුල් වීම මගින් ඔවුන්ගේ මෙහෙයුම් වැඩිදියුණු කර ගැනීමේ අවකාශයන් හඳුනාගත් බැවින් ඔවුන් සමග හවුල්කාරිත්වයන් ගොඩනගාගෙන ඇත. එසේ අපගේ සේවාවන් සමග එක් වීම හරහා ඔවුන්ගේ පාරිභෝගිකයින්හට වඩා පහසුදායි සේවාවක් ලබා දීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

    ප්‍රශ්නය : නැවත හැරී බැලීමේදී, මෙම සේවාවෙහි සාර්ථකත්වය පිටුපස ඇති සාධකය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

    පිළිතුර : කාගිල්ස් බැංකුව සහ කාගිල්ස් ෆුඩ් සිටි ජාලය අතර ඇති බැඳීම, අපහට මෙම වාර්තාගත ජයග්‍රහණය කරා ලඟා වීමට බෙහෙවින් දායක විය. මෙම ආයතන ද්විත්වය හරහාම, විශේෂයෙන් මෙම නිෂ්පාදනය සමග අපගේ ගනුදෙනුකරුවන් එක් කර ගැනීම වෙනුවෙන් අගය එක් කල සේවාවන් පිරිනැමූ, පාරිභෝගිකයන් සමග කටයුතු කරන සේවක මණ්ඩලය ඇතුළුව මෙම සේවාව ලබා දීමට කටයුතු කල සියලු කණ්ඩායම් වල කැපවීම අතිවිශාල වේ.  මෙම සේවාවෙහි සාර්ථකත්වය සහතික කිරීම සඳහා තාක්ෂණික, අලෙවිකරණ සහ මෙහෙයුම් යන අංශයන්හි ක්‍රියා කරනු ලබන කණ්ඩායම් රැසක්ද වේ. එබැවින්, මා මින් පෙර සඳහන් කල ආකාරයට මෙම සුවිශේෂී සේවාව වෙළඳපොළට ලබා දීම, කණ්ඩායම් ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැක.

    මේ අතර, කාගිල්ස් ෆුඩ් සිටි ජාලය වේගවත් ව්‍යාප්තියක් සඳහා මුහුණදෙමින් සිටී. අලුතින් ඉදිවන ඕනෑම නව කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවක්, මෙම නව සේවාවන් සක්‍රීයව ඉදි වනු ඇත. කාගිල්ස් ෆුඩ් සිටි ජාලය ව්‍යාප්තවනවාත් සමග කාගිල්ස් බැංකුකරණ සේවාවන්ද දිවයිනෙහි සියලු ප්‍රදේශයන්හි පාරිභෝගිකයන් වෙත ව්‍යාප්ත වනු ඇත.

    කාගිල්ස් යනු සාරධර්ම සහ සදාචාරය මත පදනම්ව ගොඩනැගුනු, වසර 173ක් පුරා ශ්‍රී ලාංකිකයන් හට විශ්වාසවන්තව සේවය කරනු ලබන සන්නාම නාමයකි. ‘දිරියට පන දෙන බැංකුව’ යන තේමාවෙහි උරුමයන්ට අනුව යමින්, කාගිල්ස් බැංකුව ඉහල ප්‍රවේශ වීමේ හැකියාවක් සහිතව මහජනතාව වෙත බැංකුකරණය රැගෙන යමින් පවතී. විශේෂිත වූ පිරිනැමීම් රැසක් ලබා දෙනු ලබන කාගිල්ස් බැංකු ඩෙබිට් කාඩ්පත, මේ වන විට අපගේ විචක්ෂණශීලි පාරිභෝගිකයින් සඳහා නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇත.

    වර්තමානයේදී, කාගිල්ස් බැංකු ප්‍රධාන කාර්යාලය කොල්ලුපිටියෙහි පිහිටා ඇති අතර, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මහරගම, පරණ යොන් වීදිය, වත්තල, මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, වව්නියාව, චුන්නක්කම්, යාපනය සහ කදුරුවෙල යන ප්‍රදේශයන්හි බැංකු ශාඛාවන් පිහිටා ඇත.

     

    ඡායාරූප - කාගිල්ස් බැංකු පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී - බුද්ධික පෙරේරා මහතා, උතුරු පළාත් ප්‍රාදේශීය කළමනාකාර - ප්‍රගලත් පංචරත්නම් මහතා, අලෙවිකරණ කළමනාකාර - රේණුක හෙට්ටිආරච්චි මහතා, විකල්ප නාලිකා සහකාර කළමනාකාර - ප්‍රමුදිතා කලණි මෙනවිය යන අය අතින් ත්‍යාග ලබා දෙන ලදී.