නවසීලන්ත අගමැති පන්නල යයි

    February, 24, 2016

    දිවයිනට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා අද (24) පස්වරුවේ පන්නල බලා යාමට නියමිතය. ඒ ෆොන්ටෙරා සමාගමේ පළමු ආදර්ශ හා පුහුණු ගොවිපළ විවෘත කිරීම වෙනුවෙනි.

    මෙම අවස්ථාවට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා සහ ෆොන්ටෙරා කෝපරේටිව් සමූහයේ සභාපති ජෝන් විල්සන් මහත්වරුද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

    කුරුණෑගල, පන්නල, එලිබිච්චිය පාරේ වීරිදියාව වත්තේ හි මෙම නව ෆොන්ටෙරා ආදර්ශ හා පුහුණු ගොවිපළ ඉදිකර තිබේ.