මිල ලක්ෂ 30.5යි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අලුත්ම SUV රථය KUV100 NXT මුල්ම ගමන් වාරය අරඹයි

    February, 19, 2020

    මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT k6+ නවතම SUV රථය පසුගිය දා වැලිපැන්න MILPL අංගනෙය් දී මුල්වරට ධාවනෙය් යොදවන ලදී.

    ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කරන්නට සමත් වූ ප්‍රමුඛ පෙළේ රථයක් වන මෙය වසර 3ක වගකීම/ කි.මී. 100,000 ක වගකීම මෙන්ම අයිඩියල් මෝටර්ස් දීප ව්‍යාප්ත සේවා ජාලය ද හේතුවෙන් පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව මිල දී ගත හැකි රථයක් ලෙස ද හැඳින්විය හැකිය.

    මහින්ද්‍රා සමාගම සහ අයිඩියල් මෝටර්හ් හවුල්කාරීත්වය ඇතිව නිර්මාණය කළ MILPL සමාගම සතු මහින්ද්‍රා වාහන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයක් ලෙස මෙය එළිදකී.

    අන්තර්ජාතික සම්මතයන්ට හා වාහන නිෂ්පාදකයා විසින් අනුමිත ප්‍රමිතීන්ට අනුවම ශ්‍රී ලංකාවේ දී වාහන එකලස් කිරීමේ හැකියාව මෙහි පවතින අතර නවීන තාක්ෂණික යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් අංග සම්පූර්ණ වශයෙන් වාහන එකලස් කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු CKD වාහන කර්මාන්තශාලාව ද මෙය වේ.

    නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වැලිපැන්න වාහන කර්මාන්තශාලාවේ දී එකලස් කොට නිර්මාණය කෙරුණු KUV100 NXT ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මෙම මාදිලියේ පළමු මෝටර් රථය වේ.

    මෙම කර්මාන්තශාලාවෙන් වසරකට වාහන 5,000 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.

    KUV100 NXT k6+ නවතම SUV රථය රු. 3,050,000/- ක හඳුන්වා දීමේ මිලකට මිල දී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට දැන් උදා වී තිබේ.

    ඡායාරූපය - අයිඩියල් සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම මහතා, ශ්‍රී ලංකාවේ දී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT k6+ නවතම SUV රථය සමඟ වැලිපැන්න MILPL අංගනයේ දී