ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 නොවැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2025 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.7% ක් ලෙසිනි. ඔක්තෝබර් මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා…
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, එම කාලය තුල 5.8% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත්…
ශ්‍රීලංකන් ගුවන් සේවය, මාලදිවයිනේ මාලේ වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (Velana International Airport) සිය මෙහෙයුම් කටයුතු 2025 දෙසැම්බර් 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව “1 වන පර්යන්තය” (Terminal 1) වෙත නිල වශයෙන් මාරු කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් මාලදිවයින ගුවන් තොටුපළ සමාගම (MACL) විසින් 1 වන පර්යන්තය වෙත පැමිණි UL101 ගුවන් යානයේ මගීන්…
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (22) පෙරවරු 7 පමණ වන විට අමෙරිකානු ඩොලර් 4,380 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මින් පෙර ලෝක රන්මිල 2025 ඔක්තොම්බර් 17 වන දා ඩොලර් 4,345 ලෙස ඉහළම අගයකට ලගා වූ අතර ඊට සමගාමීව මෙරට රන් මිල ද සීඝ්‍රෙයන් ඉහළ ගොස් කැරට් 24…
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබේ. නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු පාරිසරික විනාශයේ පරිමාණය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී. මෙම කඩිනම් මූල්‍යන උපකරණය මගින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. පෙර අත් නොවිඳි වේගවත් බවකින් සමන්විත SLT-MOBITEL 5G…
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවීම් පැහැර හැර තිබෙන ඇමරිකානු ඩොලර් මිලියන 175ක වටිනාකමකින් යුතු සහතික කළ බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණ සඳහා මේ වන විට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ (OCC) විරුද්ධත්වයක් නොමැති බව දැනුම් දී තිබේ. අද (19) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව අනාවරණය…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G තරංගමාලා (5G Spectrum) බලපත්‍ර නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සංවිධානයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ අභිලාෂය සඳහා 5G තාක්ෂණය ප්‍රධාන…
2025 දෙසැම්බර් 17 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,616ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,219,209ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවීමට ද සමත් විය….
Video Story