Facebook Messenger, WhatsApp, Viber, IMO සම්පුර්ණයෙන්ම නොමිලේ

    March, 22, 2020

    ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධණ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව අනාවරණය කර සිටී. අදාළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

    “අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහන පැකේජයට සහයක් වෙමින්, හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා සන්නිවේදන ආයතන හරහා ඉදිරි දින කීපය තුළ මහජනතාවට ලබා දිය හැකි සහන පිලිබඳ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිර්ති පෙරේරා මහතා හා Mobitel ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා සමග දුරකථනය හරහා සාකච්චාවක නිරත වුණෙමි.“

    “ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර PEOTV GO ජාලය දත්ත හරහා සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීමට තීරණය වූනි. මෙය දැනටමත් ක්‍රියාත්මක වනු ඇත.“

    “ශ්‍රීලංකා මොබිටෙල් ආයතනය හරහාද මේ සහන මෙම කාලය තුළ ලබාදීමට ඉල්ලීම් සිදු කළෙමි. එම ආයතනයද ඉදිරි පැය කීපය තුල අප දැනුවත් කරනු ඇත, අනෙකුත් පෞද්ගලික සන්නිවේදන ආයතනද ඉදිරි දින කීපය තුළ සහන ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.“

    ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
    හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය