SLIM SMEDA ජූරියේ විශේෂ සම්මානයෙන් Revo Advertising පිදුම් ලබයි

    August, 28, 2023

    අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo - Revolution Advertising ආයතනය (www.revo.lk) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SMEDA) සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ ජූරියේ විශේෂ සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වරලත් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන  Revo Advertising ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය අලෙවිකරණ හා වෙළෙඳ ප්‍රචාරණ සේවා  (ATL Advertising) ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව සිදු කරයි.

    Ideas, Concept Development, Audio Video Production, Graphic Design, Logo Design, Social Media Marketing, Press Release, Content Marketing, Writing & Translations (Sinhala, Tamil, English & Arabic), Web Design & App Development වැනි සේවා සපයන අතර ඒ සඳහා වසර ගණනාවක් ලෝකයේ කීර්තිමත් සන්නාම සමග කටයුතු කළ පළපුරුදු ප්‍රවීණ කාර්ය මණ්ඩලයක් Revo Advertising සතුය. “ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි යන තේමාවෙන් කටයුතු කරන අපි දැනටමත් බොහෝ ව්‍යාපාරවලට විප්ලවීය දියුණුවක් ඇති කර දී තිබෙනවා. ඒ විප්ලවීය විශිෂ්ටත්වය සනාථ කරමින් 2020 විශිෂ්ටම ව්‍යවසායකයා රන් සම්මානය හා මෙවැනි විශේෂ සම්මානයක් දිනා ගැනීම ඊට කදිම සාක්ෂියක් වෙනවා. 2022 වසරේදී Revo Advertising ව්‍යාපාරය ඩුබායි හා ඇමරිකා එක්සත් ජනපදය වෙත ව්‍යාප්ත කිරිමට කටයුතු කළා. අපේ මෙහෙවර තවත් පුළුල් කරමින් විශ්ව විද්‍යාල සිසුන්ට හා සේවාලාභීන්ට වැදගත්වන අලෙවිකරණය සම්බන්ධ දැනුවත් කිරීමේ ලිපි අපගේ වෙබ් අඩවියේ (www.revoadvertising.com) අන්තර්ගත කර තිබෙනවා. මේ විශිෂ්ට ජයග්‍රහණයට සහාය වූ Revo ආයතනයේ කාර්ය මණ්ඩලයටත්, අපෙගේ වටිනා සේවාලාභීන්ටත්, ව්‍යාපාර හවුල්කරුවන් ඇතුළු සහාය දුන් සැමටත් මගේ විශේෂ ස්තුතිය හා කෘතවේදීතාවය පළ කරනවා.” ව්‍යාපාර ප්‍රධානී / නිර්මාණ අධ්‍යක්ෂ රෙවෝ පැතුම් වීරමන්ත්‍රී මහතා පැවසීය.