වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මලික් නිල වශයෙන් කියයි

    June, 21, 2019

    කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    “තවදුරටත් වොක්ස්වැගන් නාමය භාවිතා නොකරයි. ආයෝජකයා විසින් වෙනත් කීර්තිමත් සන්නාමයක් භාවිත කිරීමට යෝජනා කර ඇති නමුත් මේ දක්වා තාක්ෂණික සහයෝගීතාව සඳහා ගිවිසුමක් ඉදිරිපත් කර නොමැත.“

    “මුලින්ම කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද වතුයාය තුළින් අක්කර 29.5ක් වෙන්කරන ලද අතර ගංවතුර වැළැක්වීම සඳහා අමතර අකකර 5ක් ආයෝජකයා විසින් හඳුනා ගෙන ඇත.“

    “මේ වන විට පුහුණු මධ්‍යස්ථානයක් පමණක් ආරම්භ කිරීමේ කටයුතු අරඹා ඇත.“

    “දැනට ඩොලර් මිලියන 5.7ක් ආයෝජනය කරලා තියෙනවා.“

    “මුල ඉඳලාම වොක්ස්වැගන් ගැන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා තමයි අපිට වෙන සමාගමක් සමඟ වැඩ කරන්න කියලා කියලා තියෙන්නේ. එකඟ වෙනවා මේක හුඟක් ප්‍රමාද වෙලා තියෙනවා.“

    “මාස 2ක් තුළ මේක පටන් ගත්තේ නැත්තන් අපි මේක අහෝසි කරනවා. දැනට ට්‍රේනිං සෙන්ටර් එක හදලා තියෙනවා. එතන ට්‍රේන් කරන්නේ එතන වැඩ කරන අය පමණයි.“