header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුමට අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුමට අත්සන් තබයි

වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.

ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල් ලබා දෙමින් සෞදි අරාබි රාජ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එමඟින් කිසිදු බාධාවකින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන්හි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකියාව ලැබිණි. එපමණක් නොව, සෞදි සංවර්ධන අරමුදල විසින් ලබා දෙන ලද ණය සහනදායී කොන්දේසි මත ලබා දී ඇති අතර එය රටේ සමස්ත ණය බරට සහනයක් වී ඇත.

ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම 2025 ජූලි 14 වන දින සිදු කරන ලද අතර එහි මුළු ප්‍රතිව්‍යුහගත ණය වටිනාකම සෞදි රියාල් (SAR) 516,951,065.02 කි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ගිවිසුම් අත්සන් කළ අතර සෞදි අරාබි පාර්ශවය වෙනුවෙන් සෞදි සංවර්ධන අරමුදල හි ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් ඒ අල්මර්ෂාඩ් මහතා ගිවිසුම් අත්සන් කරන ලදී. ඊට සමගාමීව, මෙම සංචාරයේදී සෞදි සංවර්ධන අරමුදලේ ණය මූල්‍යයනයෙන් ඉදි කරන ලද 'වයඹ විශ්ව විද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය' උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා ද සෞදි සංවර්ධන අරමුදලේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිස සහභාගී විය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් කාර්යය අවසන් වීම නිසැකවම සෞදි අරාබි රාජ්‍ය සහ ශ්‍රී ලංකා රජය අතර ගැඹුරු හා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මග පාදනු ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%