header logo

Daily Exchange Rates

Nov 13, 2026

Corporate News

මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් ශූරතාව සන්නස්ගම හාඩ්වෙයාර් දිනා ගනී

මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් ශූරතාව සන්නස්ගම හාඩ්වෙයාර් දිනා ගනී

මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 ක්‍රිකට් තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික් ශූරතාව දිනා ගැනීමට සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම සමත් විය. ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනු ශූරතාව ටී.එන්.ආර්. බලංගොඩ කණ්ඩායමට හිමි විය.

CUP විශ්ව විද්‍යාලයේ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්‍යක්ෂ ධුරය මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දුට

CUP විශ්ව විද්‍යාලයේ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්‍යක්ෂ ධුරය මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දුට

කාම්බෝජයේ චම්රොන් පොලිටෙක්නිකල් විශ්ව විද්‍යාලය (Chamroeun University of Poly-Technology – CUP) සිය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්‍යක්ෂ ධුරයට ශ්‍රී ලාංකික විද්වතෙකු සහ ව්‍යාපාර නායකයෙකු වන මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

චයිනීස් ඩ්‍රැගන් කැෆේ 15 වැනි අවන්හල මහනුවරදී විවෘත වේ

චයිනීස් ඩ්‍රැගන් කැෆේ 15 වැනි අවන්හල මහනුවරදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ චීන ආහාර සංස්කෘතිය තුළ දශක අටකට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක් වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය නවතම අවන්හල මහනුවර නගරයේදී විවෘත කරමින් සිය ව්‍යාපාර ව්‍යාප්තියේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

පරිසරයට අභියෝගයක් වූ ජපන් ජබර , දැන් රටට වටිනාකමක්

පරිසරයට අභියෝගයක් වූ ජපන් ජබර , දැන් රටට වටිනාකමක්

ආක්‍රමණශීලී ශාකයක් වන ජපන් ජබර ආශ්‍රිතව වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව නිෂ්පාදන සංවර්ධනය කිරීමත්, ග්‍රාමීය ජීවනෝපාය සහ ව්‍යාපාරික අවස්ථා රැසක් අරමුණු කරගත් Hyacinthesis Accelerator සටහනේ පළමු අදියරේ නිර්මාණ නොවැම්බරයේදී වෙළෙඳපොළට. දෙවැනි අදියර ළඟදීම ආරම්භ කෙරේ.

දත්ත කැණීම සහ තොරතුරු ආරක්ෂණය පිළිබඳ ‘ICDMIS 2026’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව SLIIT සම-සත්කාරකත්වයෙන් සාර්ථකව පැවැත්වේ

දත්ත කැණීම සහ තොරතුරු ආරක්ෂණය පිළිබඳ ‘ICDMIS 2026’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව SLIIT සම-සත්කාරකත්වයෙන් සාර්ථකව පැවැත්වේ

දත්ත කැණීම (Data Mining) සහ තොරතුරු ආරක්ෂණය (Information Security) පිළිබඳ තෙවන ජාත්‍යන්තර සමුළුව හෙවත් “3rd International Conference on Data Mining and Information Security” (ICDMIS 2026), SLIIT ආයතනයේ සම-සත්කාරකත්වයෙන් 2026 ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණි.

අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස සෙලාන් බැංකුව එක්වෙයි

අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස සෙලාන් බැංකුව එක්වෙයි

අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස එක්වීමට සෙලාන් බැංකුව සතුටින් ඉදිරිපත් වී සිටී. මෙරට විශාලතම ජීවන රටා ප්‍රදර්ශනය ලෙස පිළිගැනෙන මෙම ප්‍රදර්ශනය නොවැම්බර් 13 සිට 15 දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නිවසක්

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 2500ක් ඕක්ලන්ඩ් වෙත ගෙනා නවසීලන්තයේ Lankan Fest

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 2500ක් ඕක්ලන්ඩ් වෙත ගෙනා නවසීලන්තයේ Lankan Fest

මාතෘ භුමියෙන් බොහෝ දුර ඈත ජීවත් වුණත්, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එකම තැනකට එක්කොට, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ අනන්‍යතාවය සැමරීම අරමුණු කරගනිමින් සහ ඒ සංස්කෘතිය අනාගත දරු පරපුරටද දායාද කිරීමේ අරමුණින්, “Lankan Fest” ඕක්ලන්ඩ්හී වයිකරකා ක්‍රීඩාංගනයේදී පසුගිය සති අන්තයේ පැවැත්විණි.

වියට්ජෙට් 11/11 මෙගා සේල් වෙතින් ඇමරිකානු ඩොලර් 188 සිට Eco ගුවන් ටිකට්පත් සහ Deluxe ගාස්තු සඳහා 25%ක වට්ටම්

වියට්ජෙට් 11/11 මෙගා සේල් වෙතින් ඇමරිකානු ඩොලර් 188 සිට Eco ගුවන් ටිකට්පත් සහ Deluxe ගාස්තු සඳහා 25%ක වට්ටම්

ඔබ වියට්නාමයට හෝ ආසියාවේ වෙනත් රටකට සංචාරයක් සැලසුම් කරනවාද? එසේ නම්, 11/11 Double Day වෙතින් වියට්ජෙට් ගුවන් සමාගම දියත් කර ඇති දින තුනක Golden Sale විශේෂ දීමනා වැඩසටහනක සමඟින් වඩාත් සහනදායී මිලකට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.

සෙලාන් බැංකුවේ ‘පැහැසර’ පුස්තකාල ව්‍යාපෘතියේ 300 වැනි පුස්තකාලය පිළියන්දලදී විවෘත කෙරේ

සෙලාන් බැංකුවේ ‘පැහැසර’ පුස්තකාල ව්‍යාපෘතියේ 300 වැනි පුස්තකාලය පිළියන්දලදී විවෘත කෙරේ

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස ප්‍රකට සෙලාන් බැංකුව, සිය ප්‍රමුඛතම තිරසාරත්ව වැඩසටහනක් වන 'පැහැසර' පුස්තකාල ව්‍යාපෘතියේ 300 වැනි පුස්තකාලය 2026 නොවැම්බර් 10 වැනිදා පිළියන්දල, කො/ධර්මරාජ මහා විද්යාලයේදී විවෘත කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සහ PVI ඉන්ෂුවරන්ස් සහයෝගීතාවය ඇතිව 2026 GIPA සම්මාන උළෙල වියට්නාමයේ හැනෝයි හිදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සහ PVI ඉන්ෂුවරන්ස් සහයෝගීතාවය ඇතිව 2026 GIPA සම්මාන උළෙල වියට්නාමයේ හැනෝයි හිදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) සහ වියට්නාමයේ PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය එක්ව, '2026 General Insurance Pinnacle Award - GIPA' සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වමින්, සාමාන්ය රක්ෂණ අලෙවිකරණ ක්ෂේත්රයේ කැපීපෙනෙන දක්ෂතා දැක්වූ දෙපාර්ශවයේම විශිෂ්ටයින් ඇගයීමට ලක් කළේය.

කොළඹ පෝට් සිටි රොටරැක්ට් සාමාජිකයින් "ආලෝක" ව්‍යාපෘතිය යාපනයට රැගෙන යයි – හරිත අනාගතයක මුල් සිටුවමින්

කොළඹ පෝට් සිටි රොටරැක්ට් සාමාජිකයින් "ආලෝක" ව්‍යාපෘතිය යාපනයට රැගෙන යයි – හරිත අනාගතයක මුල් සිටුවමින්

කොළඹ පෝට් සිටි රොටරැක්ට් සමාජය සිය පාරිසරික වැඩසටහන නොවැම්බර් 7 වන දින යාපනයට රැගෙන ගිය අතර, යාපනය මිඩ්ටවුන් රොටරැක්ට් සමාජය, චුන්නාකම් රොටරැක්ට් සමාජය සහ මීගමුව රොටරැක්ට් සමාජය සමඟ අත්වැල් බැඳගනිමින් යා/ කොකුවිල් හින්දු විද්‍යාලයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.

විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය ලබා දීමට සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පියවර ගනී

විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය ලබා දීමට සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පියවර ගනී

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් හි, තිරසර සංවර්ධනය සඳහා දක්වන අඛණ්ඩ සේවාවේ තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ආරෝපණ පහසුකම් වර්ධනය සඳහා වන ආයෝජන කාර්යයන් සඳහා උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සහ ව්‍යවසායකයින්ට සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.

වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට

වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට

ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සන්නමයක් වන ශ්‍රියානි dress point වැල්ලවත්ත ශාඛාව නොවැම්බර් 11 වන හෙට දින විවෘත වන අතර එම අවස්ථාවට සහභාගී වීම සඳහා ජනප්‍රිය ඉන්දීය නිළි පූජා හෙග්ඩේ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය පිළි ගැනීමට ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ ඉහළ