header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
තවත් රටවල් 40කට ගාස්තු රහිත වීසා
තවත් රටවල් 40කට ගාස්තු රහිත වීසා

තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණිනි.

අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරුණු "Hotel Show Colombo 2025'' ප්‍රදර්ශනයේ දී අමාත්‍යවරයා මේ බවපවසා සිටියේ ය.

තව ද ඔහු බවසා සිටියේ මේ වන විටත් රටවල් 7කට වීසා අය කිරීමකින් තොරව මෙරටට පැමිණීමට අවස්තාව හිමි වන අතර නව රටවල් 40ට අදාල ගැසට් නිවේදනය නිකුත් කළ පසු ලෝකයේ රටවල් 47කට වීසා ගාස්තුවක් නොමැතිව, ලංකාවට පැමිණීමට අවස්ථාව හිමි වන බවයි.

කෙසේ වෙතත් මෙම තීරණය නිසාවෙන් මහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 66ක වාර්ෂික ආදායමක් සෘජුව අහිමි වුව ද සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින්, එම අහිමින ආදායමට වඩා වැඩි ආදායමක් වක්‍රකාරව රට තුළට ගෙන ඒමට බලා පොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය.

"පහුගිය කාලයේ රටවල් හතක් සඳහා වීසා ගාස්තු අය කිරීමෙන් තොරව සංචාරකයන්ට පැමිණෙන්න අපි අවස්ථාව ලබලා දුන්නා. එක්සත් රාජධානියත් එයට අයිති වෙන රටක්. පහුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා තවත් රටවල් 40කට වීසා ගාස්තු නොමැතිව, වීසා ලබාදෙන පහසුකම් ඇති කරන්න. ඉතින් ඒ අනුව, ඒ ගැසට් නිවේදනය නිකුත් වෙන ගමන්, ලෝකයේ රටවල් 47කට අපි වීසා ගාස්තුවක් නොමැතිව, ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලබා දෙනවා. මේ තීන්දුව ගන්න කොට, ඩොලර් මිලියන 66ක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට ඇත්තටම අහිමි වෙනවා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුණත්, අපි බලාපොරොත්තු වෙනවා, සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින්, වක්‍රකාරව ඊට වඩා වැඩි ආදායමක් රටට ගන්න. ඉතින් ඒ අනුව ඒ ආදායම වැඩි කර ගැනීමේ වගකීම මේ ක්ෂේත්‍රයේ නියුතු ඔබට භාරයි''

එම රටවල් 40 වනුයේ,

1. United Kingdom of Great Britain and Northern Ireland
2. Federal Republic of Germany
3. Kingdom of the Netherlands
4. The Kingdom of Belgium
5. The Kingdom of Spain
6. The Commonwealth of Australia
7. Republic of Poland
8. The Republic of Kazakhstan
9. The Kingdom of Saudi Arabia
10. The United Arab Emirates
11. Federal Democratic Republic of Nepal
12. People's Republic of China *
13. The Republic of India *
14. The Republic of Indonesia *
15. The Russian Federation *
16. The Kingdom of Thailand *
17. The Federation of Malaya *
18. Japan *
19. Republic of France
20. United States of America
21. Canada
22. Czech Republic (Czechia)
23. Republic of Italy
24. Swiss Confederation (Switzerland)
25. Republic of Austria
26. State of Israel
27. Republic of Belarus
28. Islamic Republic of Iran
29. Kingdom of Sweden
30. Republic of Finland
31. Kingdom of Denmark
32. Republic of Korea
33. State of Qatar
34. Sultanate of Oman
35. Kingdom of Bahrain
36. New Zealand
37. State of Kuwait
38. Kingdom of Norway
39. Republic of Türkiye
40. Pakistan

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%