header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් පැවැත්වෙන “Disrupt Asia 2025”
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් පැවැත්වෙන “Disrupt Asia 2025”

“Disrupt Asia 2025” ප්‍රධාන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව ඊයේ (18) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවිය.

රටවල් 20ක පමණ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් එක්ව සිටින Disrupt Asia 2025 සැප්තැම්බර් 17 වන දින ආරම්භ වූ අතර, එය සැප්තැම්බර් 20 වන දා දක්වා පැවැත්වේ.

ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීම මෙහි අරමුණ වේ. නව ව්‍යවසාය සහ නවෝත්පාදන දිරි ගැන්වීම මගින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙමඟින් මනා පිටුබලයක් හිමිවෙතැයි අපේක්ෂා කෙරේ.

ඊයේ පැවති ප්‍රධාන සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා නව ව්‍යවසායක ප්‍රදර්ශනය නැරඹීමටද එක් විය.

මෙහිදී අදහස් දැක් වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, රටේ සංවර්ධන මෙවලමක් ලෙස නවෝත්පාදනය යොදා ගැනීම රජයේ අරමුණ බවයි.

“Disrupt Asia 2025” මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමට මනා පිටුබලයක් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන මගින් මෙරට දක්ෂ ව්‍යවසායකයින් සහ ගෝලීය වෙළඳපොළ අවස්ථා අතර පාලමක් නිර්මාණය කරමින්, දකුණු ආසියාවෙහි නවෝත්පාදන සඳහා දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත් වූ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ අරමුණු සහ ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකය සාක්ෂාත් කර ගැනීම සඳහා වන සැලසුම් පිළිබඳව පැහැදිලි කළේය. ඩිජිටල් අපනයන තුන් ගුණයකින් වැඩි කිරීම, ඩිජිටල් කුසලතා සංචිතය දෙගුණ කිරීම සහ ගෝලීය ඩිජිටල් මිනුම්වල ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ඒම ආදී ඉලක්ක ඔහු මෙහිදී ගෙනහැර දැක්වීය.

ශ්‍රී ලංකාවේ නව ව්‍යවසාය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඌණ ආයෝජිත ක්ෂේත්‍ර ලෙස පවතින බව අවධාරණය කළ ඒ මහතා, එම වටිනා ආයෝජන අවස්ථාව අත්හැර නොගන්නා ලෙස දේශීය සහ ගෝලීය හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. ඩිජිටල් ආර්ථිකය සඳහා ඩොලර් බිලියන 15ක අවස්ථාවක් පවතින බවත්, වඩා වැදගත් වන්නේ එම අවස්ථාව ග්‍රහණය කර ගන්නේ කවුරුන්ද යන්න බවත්, මේ අවස්ථාවේ ආයෝජනය කරමින් මෙම පරිවර්තනයේ හවුල්කරුවන් බවට පත් වන්නන් හෙට දවසේ ජයග්‍රාහකයින් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජන-හිතකර පරිසරය මෙහිදී පැහැදිලි කළ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, සෘජු විදෙස් ආයෝජන සඳහා වන සුරක්ෂිත වටපිටාව සහ රජයේ ඩිජිටල් පද්ධති පුද්ගලික අංශයට විවෘත කිරීමට ඉඩ සලසන නව ප්‍රතිපත්ති පිළිබඳවද සාකච්ඡා කළේය.

Paytmහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විජේ ශේකර් ෂර්මා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරු ඇතුළු ගෝලීය විද්වතුන් සහභාගී වූ විද්වත් සාකච්ඡාද මෙහිදී පැවැත්විණි.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%