header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවයි

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 කි. එය 2024 වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා යාම විශේෂත්වයකි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ වාර්තා වූ ඉහළම අපනයන අගයයි. ප්‍රධාන බටහිර වෙළෙඳපොළවල් අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම සහ දේශීය කර්මාන්ත විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර නිෂ්පාදන ධාරිතාවය මෙම වර්ධනයට දායක වී ඇත. අපගේ අපනයනකරුවන්ගේ ශක්තිමත්බව සහ කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය පිළිබඳව මම ප්‍රශංසා කරමි. විශේෂයෙන්, මෙම කාලය තුළ වාර්ෂික අපනයන ඉලක්කය වන ඇමරිකානු ඩොලර් බිලියන 18 න් 80 % ක් දැනටමත් සාක්ෂාත් කර ගෙන ඇත.“

2025 ඔක්තෝබර් මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,474.38 ක් විය. එය 2025 සැප්තැම්බර් හා සසඳන විට මාසිකව 2.2% ක වැඩිවීමක් පිළිබිඹු කරයි.

ඔක්තෝබර් මාසයේ කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්බව, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගවල අඛණ්ඩ ඵලදායීතාවය අවධාරණය කරයි.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වී ඇත. 2025 ඔක්තෝබර් මාසයේදී සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 316.14 කි. වසරේ මුල් මාස දහය තුළ සේවා අපනයන ආදායමේ වර්ධනය 4.01% කි. එය ඇමරිකානු ඩොලර් මිලියන 3,060.21 ක් වේ. මෙම ප්‍රවණතාවය ශ්‍රි ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම සහ එය ජාතික අපනයන ආදායම සදහා ඉවහල් වන ආකාරය පිළිබිඹු කරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.

වගුව 1: නිෂ්පාදන අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ. ඩො. මි)

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%