header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි

2026 මැයි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 18.25 % ක් සහ සේවා අපනයන 18.67% ක වර්ධනයක්

2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ප්‍රබල වර්ධනයක් අත්කර ගනිමින්, සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙය මෙරට බාහිර ආර්ථික අංශයේ ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරන සුවිශේෂී සන්ධිස්ථානයකි.

ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 7.56 ක වර්ධනයකි.

මෙම කාලසීමාව තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,758.44 ක් වූ අතර එය සියයට 7.63 ක වැඩිවීමකි. සේවා අපනයන අංශය ද සියයට 7.31 ක වර්ධනයක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,634.95 ක ආදායමක් උපයා ඇත.

2026 මැයි මාසයේ අපනයනය වර්ධනය

2026 මැයි මාසයේදී පමණක් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,570.64 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 මැයි මාසයට සාපේක්ෂව සියයට 18.34 ක කැපී පෙනෙන වාර්ෂික වර්ධනයකි. එහිදී භාණ්ඩ අපනයනය 18.25% කින් සහ සේවා අපනයනය 18.67% කින් ඉහළ ගොස් තිබේ.

මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය තුළින් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ශක්තිය, අනුවර්තනය වීමේ හැකියාව සහ අධිෂ්ඨානය පිළිබිඹු වන බවයි. ගෝලීය වෙළඳපොළේ පවතින විවිධ තත්ත්වයන් හමුවේ වුවද, භාණ්ඩ හා සේවා අංශයන්හි මෙම ස්ථාවර කාර්ය සාධනය මෙරට අපනයන අංශයේ ධනාත්මක ගමන් මඟ තවදුරටත් තහවුරු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%