header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
‘Rich Dad Poor Dad’ ලියූ රොබට් කියෝසාකි ඩොලර් බිලියන 1.2ක් ණයයි
‘Rich Dad Poor Dad’ ලියූ රොබට් කියෝසාකි ඩොලර් බිලියන 1.2ක් ණයයි

ලොව පුරා අතිශය ජනප්‍රිය පුද්ගලික මූල්‍ය උපදේශන ග්‍රන්ථයක් වන ‘Rich Dad Poor Dad’ හි කර්තෘ රොබට් කියෝසාකි (Robert Kiyosaki), මේ වන විට ඩොලර් බිලියන 1.2ක ණයගැතියෙකු බවට පත්ව තිබේ. තමන් විසින් සිදුකරන ලද දේපළ ආයෝජනයන් හේතුවෙන් තමා මෙලෙස ණයගැතියෙකු බවට පත්ව ඇති බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

රොබට් කියෝසාකි පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ ද සංචාරයක නිරත වූ අතර ඔහු එහි දී අද දෙරණ 24 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාවය පහළ මට්ටමක පවතින බව පැවසීය.

මේ අතර පසුගිය දා podcast සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආදායම් ඉපයීම සඳහා මුදල් ණයට ගැනීම සිය ප්‍රධාන ආයෝජන උපාය මාර්ගයක් බවයි. කෙසේවෙතත් තමන්ගේ ක්‍රමවේදය කිසිවිටෙකත් අනුකරණය නොකරන ලෙස ඔහු මෙහිදී අවධාරණය කර ඇත.

කියෝසාකි දිගු කලක් පුරාවට නිශ්චල දේපල වැනි ආදායම් උපදවන වත්කම් ලබා ගැනීම සඳහා ණය භාවිතා කිරීම ප්‍රවර්ධනය කර ඇත. පොහොසත් ආයෝජකයින් ධනය ගොඩනැගීමට ගන්නා ණය සහ වියදම් පියවා ගැනීමට ගන්නා ණය අතර වෙනස නිවැරදිව හඳුනා ගන්නා බව ඔහු පෙන්වා දෙයි.

ඔහු විසින් රචිත, 1997 වසරේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද ‘Rich Dad Poor Dad’ කෘතිය මේ වන විට පිටපත් මිලියන 44කට වඩා අලෙවි වී ඇති අතර, එය කියෝසාකි පුද්ගලික මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත්ම කැපී පෙනෙන සහ බලගතු හඬක් ලෙස ස්ථාපිත කිරීමට සමත් විය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%