header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
වීසා නැතිව බැංකොක් ගමන් සැප්තැම්බර් 15න් හමාරයි
වීසා නැතිව බැංකොක් ගමන් සැප්තැම්බර් 15න් හමාරයි

සැප්තැම්බර් 15 සිට තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර අනිවාර්ය කෙරේ

2026 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකික සාමාන්‍ය ගමන් බලපත්‍ර (ordinary passport) හිමියන් සඳහා තායිලන්තයට ඇතුළුවීමේදී වීසා ලබා ගැනීම අනිවාර්ය කිරීමට තායිලන්ත රජය තීරණය කර ඇත. මෙම නව වීසා ප්‍රතිසංස්කරණ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21 ක් සඳහා මෙතෙක් පැවති වීසා රහිතව ඇතුළු වීමේ සහනය (visa exemption) සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත. මීට පෙර 2024 ජූලි මාසයේදී හඳුන්වා දුන් ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයින්ට දින 60 ක් දක්වා වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිබුණි. කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන නව සංශෝධන යටතේ වීසා රහිතව (දින 30 ක් දක්වා) ඇතුළු විය හැකි රටවල් සහ ප්‍රදේශ සංඛ්‍යාව 60 ක් දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. මෙම වීසා සහනය අහිමි වන රටවල් 21 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත. මෙම නව නීතිය 2026 සැප්තැම්බර් 15 හෝ ඉන් පසුව තායිලන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා අදාළ වේ. කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් 14 වන දින හෝ ඊට පෙර තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකිකයින්ට දැනට පවතින දින 60 ක වීසා රහිත සහනය යටතේ එරට රැඳී සිටීමට තවදුරටත් අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාව ද ඇතුළුව තායිලන්තයට වීසා නොමැතිව ඇතුල්වීමේ අවස්ථාව අහිමි වන රටවල් 21 පහත පරිදි වේ.
Albania Guatemala Papua New Guinea
Andorra Jamaica San Marino
Colombia Kosovo Sri Lanka
Cuba Mexico Tonga
Dominica Monaco Trinidad and Tobago
Dominican Republic Morocco Uruguay
Ecuador Panama Uzbekistan

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%