header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාරප්‍රවේශපත් ලබා ගැනීම ඔක්තෝබර් 01 දා සිට
පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාරප්‍රවේශපත් ලබා ගැනීම ඔක්තෝබර් 01 දා සිට
දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල සඳහා අවශ්‍යතාවය අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමවේදය මගින් ලබාගැනීමේ පහසුකම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් මස 01 වන දින සිට මෙම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතී.
මෙතෙක් රාජ්‍ය අංශයට පමණක් ක්‍රියාත්මක වූ මෙම පහසුකම පෞද්ගලික අංශයටත් හිමිකරදීමේ නිල වැඩසටහන දියත් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ නෙළුම් ශාලාවේ දී අද දින (2026.09.08) සිදුකෙරිණ.
දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී මෙතෙක් පැවති අවිධිමත්භාවය හේතුවෙන් මගී ජනතාව ගැටළු රැසකට මුහුණ දුන් අතර, වාර ප්‍රවේශ පත්‍රය ලබාගැනීමට පෙර දුම්රිය ප්‍රවේශ පත්‍ර හැදුනුම්පතක් ලබාගැනීමට සිදුවිය. ඒ සදහා අයදුම්පතක්, ඡායාරූපයක්, පදිංචිය සහතික කිරීමක්, ජාතික හැදුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කිරීමට සිදුවිය. දින දහයක් තුල පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුල පමණක් මෙම සේවාව ලබා ගැනීමට මගීන්ට සිදුවිය. මේ සියලු දුෂ්කරතා සැලකිල්ලට ගෙන හදුන්වා දුන් නව ක්‍රමවේදය යටතේ වාර පවේශ පත්‍රය නිවසේ සිටම මාර්ගගතව ලබාගැනීමට හැකිය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ SLT Mobitel ආයතනය ඒකාබද්ධව සේවා සහ උපදේශන සැපයීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මගී අනන්‍යතාව තහවුරු කිරීමෙන් සහ පරිශීලක ගිණුම් සත්‍යාපනය කිරීමෙන් අනතුරුව දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර මාර්ගගතව ලබාගැනීමේ පහසුකම ලබාගත හැකි අතර, ආසන වෙන්කිරීමේ පහසුකම් ලබාදෙන ඕනෑම දුම්රිය ස්ථානයකින් මගීන්ට සිය පරිශීලක ගිණුම් සත්‍යාපනය කිරීම් සිදුකර ගත හැකිය. රාජ්‍ය නිලධාරීන් වෙත ලබාදෙන අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රවේශ මාර්ගගත පද්ධතිය ඔස්සේ සිදුකෙරේ. ආයතන සංග්‍රහයේ xvii පරිච්ඡේදය අනුව රජයේ නිලධාරීන්ට අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 2026.06.09 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණ.
දුම්රිය සේවය ඩිජිටල්කරණය කිරීමේ පුළුල් ජාතික වැඩසටහන යටතේ, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව වඩාත් තාර්යක්ෂම සහ සුවපහසු සේවාසක් මගී ජනතාවට ලබාදීමේ තවත් එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත.
දුම්රිය සේවය ඩිජිටල්කරණ වැඩසටහන මගින් මේ වනවිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව වෙත සුහුරු ටිකට්පතක් හඳුන්වා දී එය නියමු ව්‍යාපෘතියක් ලෙස බේස්ලයින් මාවත, කොටා පාර, කිරුළපන සහ නාරාහේන්පිට යන දුම්රිය ස්ථානයන් මූලික කරගනිමින් ක්‍රියාත්මකව පවතී. මීට අමතරව කොළඹ තදාසන්න දුම්රිය විදුලිකරණය කිරීමේ ව්‍යාපෘතිය (CSRP) මගින් පෙර සිටම පැවති මාර්ගගත ක්‍රමවේදය (Online) හරහා ටිකට්පත් ලබාගැනීමේ පහසුකම් තවදුරටත් නවීකරණය කර ඇත.
සේවා කාර්යක්ෂමතාව සහ මගී ජනතාවගේ කාලය කලමනාකරණය කරමින් කාලවැයතාව අවම කරගැනීමට ද දුම්රිය ප්‍රවෘත්ති සහ සජීවී යාවත්කාලීන කිරීම් සිදුකෙරෙන RDMNS ජංගම දුරකථන යෙදුම (Mobile App) ඔස්සේ දුම්රිය මගීන් වෙනුවෙන් නව පහසුකම් සැලසීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%