header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට පියවර
ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම නිර්දේශ සැලකිල්ලට ගෙන, අනාගත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් වඩාත් ඉලක්කගත, අනුක්‍රමික සහ සාක්ෂිපාදක ප්‍රවේශයක් අනුගමනය කිරීමටත්, ඒ සඳහා තිරසර සහ අර්ථවත් පාර්ශ්වකරුවන්ගේ උපදේශන ක්‍රියාවලියක් සහතික කිරීමටත් හැකි වන පරිදි ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, පහත පරිදි ක්‍රියා කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
  • විභව ද්විපාර්ශ්වික හෝ කලාපීය වෙළෙඳ හවුල්කරුවන් සමඟ කෙරෙන වෙළෙඳ සාකච්ඡා මෙහෙයවීම සඳහා ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ස්ථාපිත කිරීම.
  • වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සභාපති සහ ප්‍රධාන ජාතික වෙළෙඳ සාකච්ඡාකරු ලෙස පත් කිරීම.
  • ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව යටතේ අවශ්‍ය කරනු ලබන තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායම් සමඟින් විෂය නිශ්චිත අනුකමිටු 12ක් ස්ථාපිත කිරීම.
  • ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව වෙත එහි ක්‍රියාකාරී සහ තාක්ෂණික අංශ පිළිබඳව උපදෙස් දීමටත්, වෙළෙඳ ගිවිසුම්වලට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් තිරසර අදහස් විමසීම් සහ සන්නිවේදන යාන්ත්‍රණ සහතික කිරීමටත් වෙළෙඳ විශේෂඥයින්, වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණයන්හි නිරත වන පර්යේෂකයින්, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීය සංගම්, සිවිල් සමාජය සහ අදාළ රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් පත් කිරීම.
  • ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සම සභාපතිවරුන් වශයෙන් කටයුතු කිරීම.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%