header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ශ්‍රී ලංකාවේ අපනයන තිරසාර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා EDB සහ GRI අතර උපායමාර්ගික ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ අපනයන තිරසාර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා EDB සහ GRI අතර උපායමාර්ගික ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ අපනයන පද්ධතිය තුළ තිරසාරභාවය සහ බලපෑම් වාර්තාකරණය ශක්තිමත් කිරීම සඳහාත්, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහාත් Global Reporting Initiative (GRI) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් උපායමාර්ගික සහයෝගිතා ගිවිසුමකට එළඹ තිබේ.

මෙම ගිවිසුම පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී Global Reporting Initiative හි ප්‍රමිතීන් පිළිබඳ ප්‍රධාන නිලධාරී බැස්ටියන් බක් මහතා (Bastian Buck) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක මංගල විජේසිංහ මහතා විසින් අත්සන් කරන ලදී.

ජාත්‍යන්තරව පිළිගත් GRI ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලාංකික ව්‍යාපාර සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ ආර්ථික, පාරිසරික සහ සාමාජීය බලපෑම් වටහා ගැනීමට සහ වාර්තා කිරීමට ඇති හැකියාව මෙම සහයෝගිතාවය මගින් ශක්තිමත් කරනු ඇත. ජාත්‍යන්තර අගය එකතු කිරීමේ දාමයන් තුළ වැඩිවන තිරසාර අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට උපකාරී වන පරිදි, විශේෂීත මැදිහත්වීම්,වාර්තාකරණය පිළිබද උපදේශන සැසි සහ ඩිජිටල් ඉගෙනුම් අවස්ථා හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් (SMEs) කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ සිදුකරන ලද පූර්ව සහයෝගිතාව මත පදනම්ව, මෙම සහයෝගිතා ගිවිසුම මගින් අතිරේක ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍ර පුරා තිරසාර වාර්තාකරණ පුරුදු ප්‍රවර්ධනය කරනු ලබයි. තවද, ශ්‍රී ලංකාවේ ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය (NGRS) සහ IFRS තිරසාර අනාවරණය කිරීමේ ප්‍රමිතීන් ඇතුළු අදාළ ජාතික සහ ගෝලීය අනාවරණය කිරීමේ රාමු සහ GRI ප්‍රමිතීන් අතර තාක්ෂණික දැනුම හුවමාරු කර ගනිමින් පෙළගැස්මක් ඇති කිරීමට මෙමගින් පහසුකම් සැලසේ.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, පරිණාමය වන ගෝලීය වෙළඳපල අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට සහ විශ්වසනීය, පාරදෘශ්‍ය මෙන්ම නිරවද්‍ය තිරසාර පුරුදු ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට මඟ පාදන වැදගත් පියවරක් ලෙස මෙම ගිවිසුම සලකුණු වන බවයි.

ශ්‍රී ලංකාවේ 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුකූලව, අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාරික පුරුදුවලට තිරසාරභාවය පුරුදු කිරීමට සහ ගෝලීය අගය එකතු කිරීමේ දාමයන් සඳහා වන සහභාගීත්වය ශක්තිමත් කිරීමට සහාය වීම පිණිස දිගුකාලීන ආයතනික සහයෝගිතාවකට මෙම ගිවිසුම පදනම සපයනු ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%