header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
කොග්ගලින් යුරෝපයට අපනයනය කෙරෙන ප්‍රථම Amphibious යාත්‍රාව
කොග්ගලින් යුරෝපයට අපනයනය කෙරෙන ප්‍රථම Amphibious යාත්‍රාව
​ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික Amphibious (උභයජල) යාත්‍රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය ඊයේ (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සමගාමීව Ocean Voyager International ආයතනය විසින් නිපදවූ මෙම යාත්‍රාව, මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක ආරම්භය සටහන් කරයි.
​මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, මෙතෙක් කතාවට පමණක් සීමා වී තිබූ දේශීය නිෂ්පාදන ආර්ථිකය ප්‍රායෝගිකව ජයග්‍රහණය කරවීම රජයේ ප්‍රමුඛතම වගකීම බවයි. ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ග මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවට කෙටි කාලීනව විශාලතම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දිය හැකි ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් ලෙස බෝට්ටු හා නැව් නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන ඇති අතර, දේශීය ඉංජිනේරුවන්ගේ හා ශ්‍රමිකයින්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත්කිරීමට අවශ්‍ය සියලු පහසුකම් හා රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
​මෙම අවස්ථාව සඳහා SLYG සමාගම් සමූහයේ සභාපති පියර් ප්‍රින්ජියර්ස් (Mr. Pierre Pringiers) මහතා සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලකෂ්මන් ඔබේසේකර මහතා ඇතුළු සමාගම් පාලනාධිකාරිය සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%