header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය GHR හි නව සන්නාම තානාපතිවරයා ලෙස එක්වෙයි
අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය GHR හි නව සන්නාම තානාපතිවරයා ලෙස එක්වෙයි

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සිය ව්‍යාපාරික ගමන්මඟේ නව පරිච්ඡේදයක් අරඹමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා සිය සන්නාම තානාපතිවරයා ලෙස පත් කරගත් බව Global Housing & Real Estate (Pvt) Ltd (GHR) සමාගම නිවේදනය කරයි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය GHR සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

“වෙනසෙහි නියමුවන් දෙදෙනෙක්, නව ආරම්භයක්” (Two Gamechangers, A New Beginning) යන තේමාව යටතේ, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ආයෝජකයන් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් 2026 සැප්තැම්බර් 14 වැනිදා කොළඹ Cinnamon Life හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් එළිදක්වන ලදී.

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින්, තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රවල සාම්ප්‍රදායික සීමාවන් අභිබවා නව මංපෙත් විවර කළ නාමයන් දෙකක් එක් වේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය නිර්භීත හා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව තුළින් ක්‍රීඩාවේ ස්වභාවය නව මානයකට රැගෙන ගිය සනත් ජයසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ දේපළ ආයෝජන හා සුඛෝපභෝගී ජීවන රටාව සඳහා නව ප්‍රවේශයන් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා නිර්මාණය කිරීමට කැපවී සිටින GHR සමාගම මෙලෙස අත්වැල් බැඳ ගනියි.

පසුගිය දශක දෙක පුරා, ගුණාත්මකභාවය, ව්‍යුහාත්මක ශක්තිමත්භාවය සහ දිගුකාලීන ආයෝජන වටිනාකම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් GHR සමාගම ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන ඇත.

සමාගමේ ව්‍යාපාරික ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2016 වසරේදී GHR සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළ වෙත හෝටල් රෙසිඩන්සි සංකල්පය (Hotel Residency Concept) හඳුන්වා දෙන ලදී. සුඛෝපභෝගී ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සහ දේපළ ආයෝජනය නව්‍ය ආකාරයකින් ඒකාබද්ධ කළ මෙම සංකල්පය, දේපළ හිමිකාරිත්වයේ අවස්ථාව ලබාගැනීමත් සමඟ ආයෝජන ප්‍රතිලාභ අත්කර ගැනීමේ හැකියාව ද ආයෝජකයන් වෙත විවෘත කළේය. මෙම නව්‍ය ආයෝජන ආකෘතිය, දේපළ ආයෝජකයින් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එතැන් සිට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්ත කේන්ද්‍ර කරගනිමින් සිය දේපළ සහ ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට GHR සමාගම කටයුතු කරමින් සිටියි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Global Housing & Real Estate (Pvt) Ltd හි සභාපති දසුන් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය.

“වසර විස්සකට අධික කාලයක් පුරා Global Housing & Real Estate සමාගම, ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ සීමාවන් පුළුල් කරමින් නව මානයන් කරා එය රැගෙන යාමට අඛණ්ඩව කැපවී සිටිනවා. 2016 වසරේදී මෙරටට හෝටල් රෙසිඩන්සි සංකල්පය හඳුන්වා දුන් පුරෝගාමී සමාගමක් ලෙස, අපගේ අරමුණ සැමවිටම ඉතා පැහැදිලියි. එනම්, අපගේ ගනුදෙනුකරුවන් සඳහා ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන අවස්ථා නිර්මාණය කරන අතරම, ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපළ (Condominium) ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමයි.”

සනත් ජයසූරිය මහතා සමඟ මෙම හවුල්කාරිත්වයට එළඹීමට ගත් තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් දසුන් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය. “GHR සමාගමේ දැක්ම සහ වටිනාකම් නියෝජනය කිරීම සඳහා සුදුසුම පෞරුෂයක් පිළිබඳව සලකා බැලීමේදී, සනත් ජයසූරිය මහතා අපගේ තේරීම බවට පත්වුණා. සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික සීමාවන් අභියෝගයට ලක් කරමින්, ආරම්භක පන්දුවාර කිහිපය පිළිබඳ ලෝකයේ පැවති දැක්ම පවා නව මානයකට රැගෙන ගියා. ඒ ආකාරයෙන්ම GHR සමාගමද දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ප්‍රවේශයන් අභිබවා යමින් මෙරට සුඛෝපභෝගී ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම හවුල්කාරිත්වය වෙනසෙහි නියමුවන් දෙදෙනෙක්, නව ආරම්භයක් ලෙස සැබෑ වෙනසක් නිර්මාණය කළ පාර්ශව දෙකක සුවිශේෂී එක්වීමක් සනිටුහන් කරනවා”

සනත් ජයසූරිය මහතාට අනුව මෙම හවුල්කාරිත්වය දැක්ම, කැපවීම සහ සාම්ප්‍රදායික සීමාවන් අභියෝගයට ලක් කිරීමට ඇති විශ්වාසය සමඟ සමීපව බැඳී පවතිනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.

“මගේ ජීවිතය පුරාවටම මම දැක්ම, කැපවීම සහ වෙනසක් ඇති කිරීමට බිය නොවන පුරෝගාමීන් වෙනුවෙන් සහාය දැක්වීම පිළිබඳව දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. විශේෂයෙන්ම හෝටල් රෙසිඩන්සි සංකල්පය සම්බන්ධයෙන් ඔවුන් සිදුකර ඇති පුරෝගාමී කාර්යභාරයත් සමඟ, ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් වෙළෙඳපොළ තුළ GHR සමාගම සැබෑ දැක්මක් සහිත සමාගමක් බව නැවත නැවතත් තහවුරු කර තිබෙනවා. විශිෂ්ටත්වය වෙනුවෙන් මා තුළ ඇති කැපවීම සහ රට පිළිබඳ අභිමානය මා සමඟ බෙදාගන්නා මෙවන් කණ්ඩායමක් සමඟ හවුල්කාරිත්වයකට එක්වීමට හැකිවීම මට මහත් ගෞරවයක්.”

මෙම නිවේදනය ඔස්සේ GHR හි මීළඟ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ඉඟියක් මුල්වරට ලබාදුන් අතර, ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිතව සිය සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සමාගම මේ වනවිට සූදානම් වෙමින් සිටියි.

“ඉදිරිය දෙස බලන විට, GHR විසින් මීළඟට ඉදිරිපත් කිරීමට සූදානම් වන සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව ඉඟියක් ලබාදීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිතව සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වෙන අද්විතීය උස් ගොඩනැගිලි ව්‍යාපෘතියක් එළිදැක්වීමට GHR මේ වනවිට සූදානමින් සිටිනවා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ජීවන රටාව සහ දේපළ ආයෝජන ක්ෂේත්‍රය සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කරනවා,” යනුවෙන් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මීගමුව, සීගිරිය, නුවරඑළිය සහ හික්කඩුව ඇතුළු ප්‍රධාන සංචාරක ගමනාන්ත ආවරණය වන පරිදි හෝටල් රෙසිඩන්සි ව්‍යාපෘති එකතුවක් සමඟින් සිය ව්‍යාපාරික පරාසය පුළුල් කර ඇති GHR, සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ නිර්මාණය වී ඇති ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා සිය මීළඟ වර්ධන අදියර ලෙස ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය වෙත සිය ව්‍යාපෘති ව්‍යාප්තිය සිදු කිරීමට අපේක්ෂා කරයි.

මෙරට වර්ධනය වෙමින් පවතින සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ දේපළ ආයෝජන කෙරෙහි උනන්දුවක් දක්වන දේශීය ආයෝජකයින්, ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් අතර තවදුරටත් සැලකිය යුතු ආයෝජන අවස්ථා පවතින බව සමාගම විශ්වාස කරයි.

GHR සිය ව්‍යාපාරික ගමනේ මීළඟ අදියර වෙත පියනඟන මෙම අවස්ථාවේදී, සනත් ජයසූරිය මහතා සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය හුදෙක් නව සන්නාම සහයෝගීතාවයකට එහා ගිය අර්ථයක් ගෙන එයි. සම්ප්‍රදායික සීමාවන් අභියෝගයට ලක් කිරීමට, නව හැකියාවන් නිර්මාණය කිරීමට සහ පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඇති අධිෂ්ඨානය මත ගොඩනැගුණු ගමන් මාර්ග දෙකක් මෙහිදී එකට එක්වන අතර, එය ක්ෂේත්‍රයේ සම්ප්‍රදායන් අභියෝගයට ලක් කළ වෙනසෙහි නියමුවන් දෙදෙනෙකුගේ නව ආරම්භයක් සනිටුහන් කරයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%