header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
රු. බිලියන 5ක විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ අවම ලංසුකරු බවට විදුල්ලංකා පීඑල්සී පත්වෙයි
රු. බිලියන 5ක විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ අවම ලංසුකරු බවට විදුල්ලංකා පීඑල්සී පත්වෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විදුලි සම්ප්‍රේෂණ ජාල සංවර්ධන වැඩසටහන යටතේ, කිලෝවෝල්ට් 132ක (132 kV) විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ ටෙන්ඩරයේ අවම ලංසුකරු ලෙස විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) සහ ඉන්දියාවේ ස්කිපර් ලිමිටඩ් (Skipper Limited) යන සමාගම්වලින් සමන්විත ඒකාබද්ධ ව්‍යාපාරය තේරී පත්වී ඇත.

"ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති පැකේජය 3 (දෙවන අදියර)" ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු Natiolal T'ransmission Network Service Provider (NTNSP)/ Ceylon Electricity Board (CEB) වේ. කිලෝවෝල්ට් 132ක විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ග සහ ඊට අදාළ කාර්යයන් ඉදිකිරීම, සවි කිරීම, පරීක්ෂා කිරීම සහ කොමිෂන් කිරීම මෙම ව්‍යාපෘතියේ විෂය පථයට අයත් වේ.

මෙම ව්‍යාපෘතියේ සමස්ත ලංසු වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.0 ක් (රුපියල් මිලියන 5,000 ක්) වන අතර, කොන්ත්‍රාත්තුව ආරම්භ කළ දින සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය නිම කිරීමට ඇස්තමේන්තු කර ඇත. අවම ලංසුකරු ලෙස තේරී පත්වුවද, ව්‍යාපෘතියේ අවසාන කොන්ත්‍රාත්තුව පිරිනැමීම තාක්ෂණික ඇගයීම් සම්පූර්ණ කිරීම සහ විදුලිබල මණ්ඩලයෙන් ලැබෙන ප්‍රදාන ලිපිය (Letter of Award - LOA) මත පදනම් වේ.

අවශ්‍ය ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත් විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසුව, විදුල්ලංකා පීඑල්සී සමාගම සිය විදේශීය සන්ධාන සහකරු වන ස්කිපර් ලිමිටඩ් සමාගම හා එක්ව දේශීය ක්‍රියාත්මක කිරීමේ සහ ව්‍යාපෘති කළමනාකරණ කටයුතු භාරව කටයුතු කරනු ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%