header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
IMF නියෝජිත පිරිස හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
IMF නියෝජිත පිරිස හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ (Evan Papageorgiou) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කෙරුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අත්කරගත් ප්‍රතිඵල සහ ප්‍රගතිය ඇතුළත් හත්වැනි සමාලෝචනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, බාහිර බලපෑම් මධ්‍යයේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී අවධාරණය කළාය.
රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කළා ය.
ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජය දරන ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අර මුදල දක්වන කැමැත්තද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගය කළාය.
බාහිර සාධක ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී තිරසර, වගවීමකින් යුත් සියලු දෙනා ඇතුළත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළාය.
දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත වත්කම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරුවල පෞද්ගලිකත්වය සහ විනිවිදභාවය අතර සමතුලිතතාව පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාව සඳහා වන IMF නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩ්මයිකල් මහත්මිය (Martha Tesfaye Woldemichael), අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%