
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් මෑතකාලීන සාර්ව ආර්ථික ප්රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ 2026 වසර සඳහා වන IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම සඳහා 2026 වසරේ සැප්තැම්බර් මස 10වන දින සිට 23වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. සංචාරය අවසානයේ දී ජා.මූ. අරමුදල විසින් 2026 වසරේ සැප්තැම්බර් මස 23වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.
- ජා.මූ. අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා බලධාරීන් ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන හත්වන සමාලෝචනය සහ 2026 IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. හත්වන සමාලෝචනය අවසන් කිරීමට අවශ්‍ය පරාමිතීන් සහ ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා නුදුරු කාලීනව තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇත.
- නිරන්තර කම්පන මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළ ද, ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑම් ඇති වීමේ අවදානමක් පවතී. ශක්තිමත් මැදි කාලීන රාජ්‍ය ආදායම් උපාය මාර්ගයක් සහ පරිපාලනයක් ස්ථාපිත කිරීම, බලශක්ති පිරිවැය ආවරණය පවත්වාගැනීම සහ ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක කිරීම ප්රමුඛ අවශ්‍යතා ලෙස පවතී.
- සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා අඛණ්ඩ කැපවීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වේ. ස්ථායීකරණයේ සිට ආර්ථික පරිවර්තනය දක්වා යොමුවීම සඳහා දරිද්‍රතාව අවම කිරීම සහ ශක්තිමත් මෙන්ම සියලු දෙනාට ම ප්රතිලාභ සැලසෙන වර්ධනයක් තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.
- උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5 උද්ධමන ඉලක්කය සහ වගවීම සඳහා වන උද්ධමන ඉලක්කයට අදාළව පවතින ආන්තිකය එලෙස ම පවත්වාගෙන යාම විචක්ෂණශීලී වනු ඇත.











