header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
JEWELS 2026 සඳහා එක්වන ලෙස මෙරට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ට GASL ආරාධනා කරයි
JEWELS 2026 සඳහා එක්වන ලෙස මෙරට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ට GASL ආරාධනා කරයි

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට නව මාවතක් විවර කරමින්, 'JEWELS 2026' ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සහ තරගාවලිය 2026 දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල කොළඹ නෙළුම් කුලුනේදී පැවැත්වීමට නියමිතය.

'From Sri Lanka to the World' යන තේමාව යටතේ ශ්‍රී ලංකා මැණික් විශේෂඥයින්ගේ සංගමය (Gemmologists Association of Sri Lanka - GASL) විසින් සංවිධානය කරනු ලබන 'JEWELS 2026' ප්‍රදර්ශනය හරහා මැණික් වෙළෙඳුන්, ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්, නිර්මාණකරුවන්, නිෂ්පාදකයින්, මැණික් විශේෂඥයින්, අධ්‍යාපනඥයින් සහ නැගී එන ව්‍යාපාරිකයින් එකම වේදිකාවකට එක්වීමට නියමිතය.

2002 වසරේ ඛනිජ ප්‍රදර්ශනයක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන, 2008 වසරේදී JEWELS ලෙස නැවත හඳුන්වා දෙන ලදී. එතැන් සිට එය වෙළෙඳාම සහ අධ්‍යාපනය සමඟ ශිල්පීය විශිෂ්ටත්වය, තරගකාරීත්වය සහ ක්ෂේත්‍ර සංවර්ධනය ප්‍රවර්ධනය කරන සුවිශේෂී වැඩසටහනක් ලෙස වර්ධනය වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් විශේෂඥයින්ගේ සංගමයේ සභාපතිනි චතුරංගනි අර්ථනායක මහත්මිය මෙසේ සඳහන් කළාය. “ශ්‍රී ලංකාව ලොව පිළිගත් සුවිශේෂී මැණික් හා ස්වර්ණාභරණ උරුමයකට හිමිකම් කියනවා. JEWELS 2026 හරහා එම වටිනා උරුමය, වර්තමාන ක්ෂේත්‍රයේ දක්ෂතා සහ නවෝත්පාදනය සමඟ එක් කරමින් ලොවට ඉදිරිපත් කිරීමට අපට අවස්ථාව සැලසෙනවා."

මේ අතර, GASL හි තේරී පත් වූ සභාපති සහ JEWELS 2026 හි සභාපති ෂෙහාන් දවුලගල මහතා සඳහන් කළේ, “JEWELS 2026 හරහා ව්‍යාපාරවලට තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට, නව වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට සහ ක්ෂේත්‍රය තුළ අර්ථවත් ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.” යනුවෙනි.

දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටත්, සිය නිෂ්පාදන හා හැකියාවන් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ඉදිරිපත් කිරීමටත් JEWELS 2026 ව්‍යාපාරිකයින්ට අවස්ථාව සලසා දෙයි. මෙම අවස්ථාවට එක්වීම සඳහා ප්‍රදර්ශන කුටි කල්තියා වෙන් කර ගන්නා ලෙස GASL ක්ෂේත්‍රයේ සියලු ව්‍යාපාරිකයින්ට ආරාධනා කරයි.

ප්‍රදර්ශන කුටි ලියාපදිංචි කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට: www.jewelssrilanka.lk | WhatsApp: 076 699 3022

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%