Top News
ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය ඉදිරි වසර තුන සඳහා 5%ක් ලෙස නිර්ණය කෙරේ

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 වගන්තියට අනුකූලව, 2026 ඔක්තෝබර් 01 වැනි දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුම 2026 ඔක්තෝබර් 01 දිනැති අංක 2508/28 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත. මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි ප්‍රධාන කරුණු
-
- උද්ධමන ඉලක්කය: ශ්‍රී ලංකා මහ බැංකුව කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය 5%ක මට්ටමේ පවත්වා ගැනීමට ඉලක්ක කර ගත යුතුය
- වගවීමේ ආන්තිකය: ප්‍රතිශතාංක ±2ක ආන්තිකයක්
- උද්ධමන මිනුම: කාර්තුමය මතුපිට උද්ධමනය යනු අදාළ දිනදර්ශිත කාර්තුවේ මාස තුන සඳහා වන, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන, මාසික කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය ප්‍රතිශත වෙනස්වීම්වල සරල සාමාන්‍යයයි.











