header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළඳපොළට යොමු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පියවර
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළඳපොළට යොමු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පියවර

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපනයන හැකියාවන් සහිත ප්‍රාදේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකයින්ට සහාය වීම සහ සංවර්ධනය කිරීම මෙම සංසදයේ අරමුණ විය. මෙම වැඩසටහන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්, අපනයන ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාරික සායනයක් (Business Clinic) යන ප්‍රධාන අංග තුනකින් සමන්විත විය.

සම්මන්ත්‍රණයේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවාවන්, අපනයන වෙළඳපල අවශ්‍යතා සහ අවස්ථාවන් මෙන්ම පලතුරු සහ එළවළු, සකසන ලද ආහාර, අත්කම් සහ ජීවන රටා නිෂ්පාදන, සහ ධීවර නිෂ්පාදන යන ක්ෂේත්‍රවල සාර්ථක අත්දැකීම් ව්‍යවසායකයන් සමග හුවමාරු කෙරිණි.

ප්‍රදර්ශනයේදී මෙම ක්ෂේත්‍රවල අපනයන කළ හැකි නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ලද අතර, ඒ සඳහා පාර්ශවකාර ආයතන සහ අපනයන සමාගම් සහභාගී විය. ව්‍යාපාරික සායනයේදී, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශවකරුවන් විසින් ව්‍යවසායකයින්ගේ පුද්ගලික අභියෝගවලට පිළියම් යෙදීමට සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිෂ්පාදන සංවර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා සහාය ලබා දෙන ලදී.

ධීවර හා ජලජ නිෂ්පාදන, කෘෂි නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාර ආශ්‍රිත ව්‍යවසායන් අපනයන අගය දාමයන් වෙත ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, උපායමාර්ගික අපනයන සංවර්ධන ප්‍රමුඛතාවලට අනුකූලව නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තෝරා ගන්නා ලදී.

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය ප්‍රවේශ වැඩසටහනේ කොටසක් ලෙස මෙම සංසදය පවත්වන ලද අතර, එහි අරමුණ වන්නේ අපනයන ප්‍රවර්ධනය ප්‍රාදේශීය ව්‍යවසායකයින් වෙත සමීප කිරීම සහ ඔවුන් ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ කිරීමයි.

2017 වසරේ සිට දිවයින පුරා මෙවැනි සංසද නවයක් පවත්වා ඇති අතර, අවසන් වරට 2025 පෙබරවාරි මාසයේදී මඩකලපුවේ දී මෙවැනි වැඩසටහනක් පවත්වන ලදී. මෙම සංසදය මගින් කලාපයේ අපනයනයට සූදානම් සමාගම් හඳුනාගෙන ඒවා අනාගත අපනයනකරුවන් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

එසේම අපනයන කර්මාන්ත සඳහා දේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම, රාජ්‍ය නිලධාරීන්, වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ අපනයන වෙළඳපල සඳහා නව්‍ය, අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම ද මෙහි අරමුණ විය.

මෙවැනි වැඩසටහන් හරහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයන ප්‍රවර්ධනය ප්‍රදේශීය මට්ටම වෙත ගෙන යාමට සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉදිරියටත් කටයුතු කරයි.

මෙම වැඩසටහන සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් හේමන්ත කුමාර මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, නැගෙනහිර පලාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පලාත් අධ්‍යක්ෂ රිස්වානි රිෆාස් මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ. ඩී. එම් .පී. දිසානායක මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරින්, අපනයනකරුවන් සහ ව්‍යවසායකයන් රැසක් සහභාගි විය.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ, යම් කාර්යයක් සිදු කර අවසන් වන තෙක්ම එය කළ නොහැකි දෙයක් ලෙස පෙනෙන බවත්, කළ නොහැක්කක් ලෙස සිතා අතහැරියහොත් කිසිදා එය ඉටු කරගත නොහැකි බවත්ය.

ලෝක සිතියමේ වෙනත් කිසිදු රටකට නොමැති ආකාරයේ සුවිශේෂී ස්වභාවික වරායක් ත්‍රිකුණාමලයේ පිහිටා ඇති අතර, කර්මාන්ත සඳහා යොදාගත හැකි තවමත් ප්‍රයෝජනයට නොගත් විශාල ඉඩම් ප්‍රමාණයක් මෙන්ම කෝකිලායි, පුදුව කට්ටු සහ පුල්මුඩේ යන ප්‍රදේශවලින් හා සාගරයෙන් විශාල ඛනිජ සම්පතක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම, කොළඹ සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය සාදා අවසන් වූ පසු නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්ක කර්මාන්ත, රැකියා සහ ඉඩම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහිත ප්‍රධාන ප්‍රදේශ බවට පත්වන බව පෙන්වා දුන් අමාත්‍‍යවරයා, කුඩා ව්‍යාපාර ලෙස ආරම්භ කර එකමුතුව කටයුතු කිරීමෙන් මෙවැනි විශාල හීන සැබෑ කරගත හැකි බව ද අවධාරණය කළේය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%