header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ සාකච්ඡාවක්
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ සාකච්ඡාවක්
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2026 ඔක්තෝබර් 26වෙනි දින සිට නොවැම්බර් 06 දින දක්වා සිදු කෙරෙන මෙම තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර, මීට අදාළව ඉදිරිපත් කළ නිර්දේශ සහ ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද සමාලෝචනය කෙරිණි.
අපේ රට මුහුණ දී සිටින අවදානම හඳුනාගනිමින්, අවදානම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙය වෙනත් පාර්ශ්වවල බලපෑම නිසා නොව, අපගේම ආයතන පද්ධතියට සහ රටට අවශ්‍ය නිසාම සිදු කළ යුතු කාර්යයක් ලෙස සැලකීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
මෙම ඇගයීම් ක්‍රියාවලියට අදාළ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලබන අතර තාක්ෂණික අනුකූලතාව සම්බන්ධ නිර්දේශ සහ සඵලදායිතාව පිළිබඳව මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.
අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒම, සමාගම් පනත සහ එහි ක්‍රියාකාරිත්වය, භාර ආඥා පනත සංශෝධනය කිරීම ආදී කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යම් අඩුපාඩුවක් හෝ ප්‍රමාදයක් ඇත්නම් ඒවා නිවැරදි කර ගනිමින් රජයක් සහ ආයතන පද්ධතියක් ලෙස මෙම ක්‍රියාවලිය සඳහා ඉදිරි සති 03 කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, දැනට කර ඇති වැඩකටයුතු සහ ආයතනික වාර්තා මෙන්ම මතු වී ඇති ගැටලු පිළිබඳ අදාළ කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පූර්ව සුදානමකින් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම රටක් ලෙස අද දවසේ කළ යුතුම කාර්යයක් බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්‍රිය දායකත්වය අපේක්ෂා කරන බවද පැවසීය. එමෙන්ම, මෙම කටයුතු වෙනුවෙන් පසුගිය සමයේ කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීත්වය පළ කළේය.
ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, මහබැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරාජා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, මහබැංකු නියෝජ්‍ය අධිපති කේ.ජේ.පී. සිරිකුමාර, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නෙළුමනී දවුලගල, මහබැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානී ආචාර්ය සුභානි කීර්තිරත්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු බුවනෙක අළුවිහාරේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%