header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබ ඔබේ වැඩ කොටස කරන්න - ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි
අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබ ඔබේ වැඩ කොටස කරන්න - ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි

මේ වන විට රට තුළ ව්‍යාපාරකරණය සඳහා අවශ්‍ය විනිවිදභාවය, ආයෝජන සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය නීති සම්පාදනය සහ ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතලපහසුකම් සංවර්ධනය රජය විසින් ඉටු කර ඇති බවත්, රජය රජයේ වැඩ කොටස කරන බවත්, ආයෝජකයින් ඔවුන්ගේ වැඩ කොටස සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඊයේ (12) සන්ධ්‍යාවේ කොළඹ දී පැවති, ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජනය සමුළුව 2026 අමතමින් ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාවෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“අපි රට ඇතුළේ අවශ්‍ය වන විනිවිදභාවය හදලා තියෙනවා. ආයෝජනයන් ව්‍යාපාරික සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය වන නීති සම්පාදනයේ සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් අදියරේ තිබෙනවා. ඒ වගේම ආයෝජනයන් සඳහා අවශ්‍ය වන යටිතලපහසුකම් අපි වර්ධනය කරලා තිබෙනවා.“

“ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුවට පැවරී ඇති කාර්යයන්; විනිවිදභාවය, අවශ්‍ය වන නීතිරෙගුලාසි සම්පාදනය කරලා දීම සහ අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධනය කරලා දීම. අපි ඉල්ලන්න තියෙන්නේ, අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබතුමාලා ඔබතුමාලගේ වැඩ කොටස කරන්න.“

“මේ හැරවුම් ටිකක් අමාරුයි. ඔබට මතක ඇති ගිය සැරේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා SVAT ගැන, ඔබට සැකයක් තිබුණා. බොහෝ අය ප්‍රශ්න කළා SVAT ඉවත් කරන්න එපා කියලා. මම හිතන්නේ අද ඔබට එහෙම ප්‍රශ්නයක් නැහැ. සාර්ථක කරලා තියෙනවා. හැබැයි හැම දෙනාම තිගැස්මකට භාජනය වුණා, තමන්ට අවශ්‍ය වන මුදල් ප්‍රවාහයේ බිඳ වැටීමක් සිදුවේවිද, නමුත් සාර්ථක කරලා. ඒකේ ප්‍රතිඵල මොනවාද, ප්‍රතිඵල මාසයකට SVAT නිසා leakage එක තිබිලා තියෙනවා, බිලියන 10ක්. ඒක ඇත්ත තත්ත්වය.“

“අපිට අවශ්‍යයි ශක්තිමත් ව්‍යාපාරික කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ. විදෙස් ආයෝජකයන්, විදෙස් ආයෝජකයන් සමඟ ඉතා හොඳින් සහසම්බන්ධය වෙන්න පුළුවන් ව්‍යාපාරිකයන් අපට ඕනා.“

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%