header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ලෝක බැංකු සහාය ලැබෙන ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡාවක්
ලෝක බැංකු සහාය ලැබෙන ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡාවක්

ලෝක බැංකුවේ සහාය ලබන ශ්‍රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්විණි. ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම මුලපිරීම, දිගු කලක් පුරා පැවති බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමක් වේ.

රැස්වීම අතරතුර, සංචාරක ඉල්ලුම සහ සැපයුම් ප්‍රවණතා, සංචාරකයන්ගේ පැමිණීම්, ගමනාන්ත සන්නාමකරණය සහ ජාත්‍යන්තර අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයකින් සහාය වන දිගුකාලීන, දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. මෙම මුලපිරීම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශේෂඥතාවයෙන් අපගේ සංචාරක ආයතන සන්නද්ධ කිරීම සඳහා විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම සහ උපායමාර්ගික මඟ පෙන්වීම ලබා දෙන "MTI Consultancy and Skift Inc./JD" ආයතනයේ සහාය මෙහිදී අගය කොට සලකන ලදි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවය තුළින්, ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවන සහ කර්මාන්තයේ වර්ධනයට සහ තරඟකාරිත්වයට දායක වන තිරසාර වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම අරමුණු කෙරේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමාත්‍යාංශය යටතේ ඇති සංචාරක ආයතනවල සභාපතිවරුන්, SLAITO සහ TAASL නියෝජිතයින්, සංචාරක උපදේශක කමිටුව, ලෝක බැංකුවේ නියෝජිතයින්, "MTI Consultancy and Skift Inc./JD" ආයතනයේ නියෝජිතයින් සහ ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. සෝමතිලක යන මහත්වරු සහභාගී වූහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%