header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
රාජ්‍ය ආදායම් රැස් කරන ප්‍රධාන ආයතනවල ප්‍රතිසංස්කරණ සහ නවීකරණ ප්‍රගතිය සමාලෝචනයට
රාජ්‍ය ආදායම් රැස් කරන ප්‍රධාන ආයතනවල ප්‍රතිසංස්කරණ සහ නවීකරණ ප්‍රගතිය සමාලෝචනයට
මෙරට රාජ්‍ය ආදායම් රැස් කරනු ලබන ප්‍රධාන ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී, මෙරට රාජ්‍ය ආදායම් රැස් කිරීමේ ප්‍රමුඛතම ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර, එම ආයතනවල ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සහ නවීකරණ වැඩපිළිවෙළවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම ආයතන තුන මඟින් මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පැහැදිලි කළේය.
එමෙන්ම, අදාළ ආයතනවල අවදානම් කළමනාකරණය (Risk Management) ශක්තිමත් කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ පරිගණක පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මෙහිදී අවධානය යොමු කළහ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආදායම් පරිපාලන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ (ආසියා සහ ෆැසිපික්, යුරෝපා, මැද පෙරදිග සහ මධ්‍යම ආසියානු කලාප) සින්ඩි නෙගුස්, ආදායම් පරිපාලන උපදේශකා ඇලිසන් ලිස්ටර්, ශ්‍රී ලංකාවේ නේවාසික ආදායම් උපදේශක ග්‍රෙගරි ටොපින් යන මහත්ම මහත්මීන්ද, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%