header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ඩොලර් මිලියන 26.3ක ආයෝජනයක් ස්ථාපිත කිරීමට NIRDC, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග මැදිහත් වෙයි
ඩොලර් මිලියන 26.3ක ආයෝජනයක් ස්ථාපිත කිරීමට NIRDC, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග මැදිහත් වෙයි
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග සම්බන්ධීකරණයෙන්, අගය එකතු කළ අපනයන නැඹුරු කුළුබඩු, ඔලියෝරෙසින්, සගන්ධ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන HDDES එක්ස්ට්‍රැක්ට්ස් (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර පරිපූරක ගිවිසුමක් (Supplementary Agreement) 2026.10.16 දින අත්සන් කරන ලදී.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා ඇති NIRDC ඒකකයේ සක්‍රීය මැදිහත්වීම මත, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිම උදෙසා පැවති නීතිමය හා පරිපාලනමය ගැටලු විසඳා ගනිමින්, වසරකට අධික කාලයක් ප්‍රමාද වී තිබූ මෙම ඇමරිකානු ඩොලර් මිලියන 26.3ක විදේශ සෘජු ආයෝජනය (FDI) සාර්ථක කර ගැනීමට අදාළ සමාගමට හැකියාව ලැබුණි. මෙම ගැටලු විසඳා ගැනීමෙන් පසු, එම සමාගම පුළුල් කිරීමක් ලෙස, හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයට නුදුරින් පිහිටි ඉංගිරිය ප්‍රදේශයේ නව අධි තාක්ෂණික කුළුබඩු සැකසුම් කර්මාන්ත පරිශ්‍රයක් ඉදි කිරීම සඳහා මෙම අතිරේක ගිවිසුම අත්සන් තැබිණි.
යෝජිත කර්මාන්තශාලාව කුළුබඩු සැකසුම්වලට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කරන සහ තත්ත්ව සහතික කරන පර්යේෂණාගාර සංකීර්ණයකින් ද සමන්විත වේ.
මෙම ව්‍යාපෘතිය මඟින් රැකියා උත්පාදනය, දේශීය කුළුබඩු සැපයුම්කරුවන් සඳහා අවස්ථා ලබා දෙමින් ග්‍රාමීය ආදායම් ශක්තිමත් කිරීම සහ රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ඉපයීම වැනි කරුණු සාක්ෂාත් කරගැනීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කේ. ඒ. විමලේන්තිරරාජා සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික විස්වනාථමූර්ති ගෝවින්දසාමි යන මහත්වරුන් ද, HDDES එක්ස්ට්‍රැක්ට්ස් (පුද්) සමාගම නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂවරුන් වන ගෙහාන් ද සිල්වා සහ මෙවන් ද සිල්වා යන මහත්වරුන් ද, NIRDC නියෝජිතයන් ලෙස එහි ආයෝජන අධ්‍යක්ෂ ඊ. ආර්. එම්. ඉදුනිල් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%