header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ණය අවදානම් තක්සේරු ක්‍රමවේදය මූල්‍ය ආයතනවලටත් යොදා ගැනීමේ තීරණයක්
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ණය අවදානම් තක්සේරු ක්‍රමවේදය මූල්‍ය ආයතනවලටත් යොදා ගැනීමේ තීරණයක්

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යවසායයන් සඳහා රජයේ ණය ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් අවදානම තක්සේරු කිරීම පිණිස රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සකස් කළ ණය අවදානම් තක්සේරු කිරීමේ ක්‍රමවේදය සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ ස්වකීය ව්‍යාපාරය පාර්ශ්වික වශයෙන් හෝ පූර්ණ වශයෙන් ණයට දීම‌ හෝ ණයට ගැනීම සිදු කරන මූල්‍ය ආයතන, රාජ්‍ය ණය කළමනාකරණ පනතේ රාජ්‍ය ව්‍යවසාය යන අර්ථ දැක්වීමට ඇතුළත් නොවේ. එබැවින්, එම ආයතනවල සුවිශේෂී ස්වභාවය, ඉහළ මට්ටමේ ණය මූල්‍යකරණය, ද්‍රවශීලතා හා වෙළෙඳපොළ අවදානම්, නියාමන අවශ්‍යතා සහ ඒවායේ විභව පද්ධතිමය වැදගත්කම සැලකිල්ලට ගෙන, රජයේ ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් එකී ආයතනවල ණය අවදානම තක්සේරු කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බලයලත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මූල්‍ය ආයතන වෙනුවෙන් ලබා දී ඇති ණය ශ්‍රේණිගත කිරීම් අදාළ කර ගනිමින්, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් මූල්‍ය ආයතන සඳහා වන ණය අවදානම් තක්සේරු කිරීමේ ක්‍රමවේදය සකස් කරනු ලැබ තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ණය අවදානම් තක්සේරු කිරීම සඳහා එකී ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%