
Top News
2030 දී කොළඹට International Gem Hub එකක්
Oct 22, 202610:29 AM

කර්මාන්ත හා ව්යාවසාය සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනයේ (GJRTI) 2026 වාර්ෂික සහතික පත්ර ප්රදානෝත්සවය ඊයේ (21) කොළඹ BMICH හිදී පැවැත්විණි. කර්මාන්ත හා ව්යාවසාය සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් සහ එම ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්රනාන්දු මහතා ඇතුළු විශේෂ ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙහිදී වෘත්තීය හා තාක්ෂණික පුහුණු පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් 325 දෙනෙකු සඳහා NVQ 4, 5 සහ ඩිප්ලෝමා සහතික පත්ර ප්රදානය කෙරිණි.
මෙම උත්සවය අමතමින් අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණ කළේ, නිවැරදි රාජ්ය අනුග්රහය සහ නියාමනය යටතේ ශ්රී ලංකාව ලෝකයේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්රමුඛතම සහ ජාත්යන්තර බලපෑමක් කළ හැකි රටක් බවට පත් කරන බවයි. ලංකාවේ පමණක් නොව මැඩගස්කරය, කෙන්යාව, ටැන්සානියාව සහ අප්රිකානු රටවලින් රළු මැණික් මෙරටට ගෙන්වා, අපගේ දක්ෂතාවන් හා කුසලතාවන් උපයෝගී කරගනිමින් ඒවා අගය එකතු කළ (Value added) උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ බවට පත් කර ජාත්යන්තර වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ සුවිශේෂී හැකියාව අප සතු බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
රටේ ආර්ථිකය නංවාලීමේ රජයේ ප්රතිපත්තියට අනුකූලව, කොළඹ කේන්ද්ර කරගනිමින් ජාත්යන්තර මට්ටමේ මැණික් ප්රදර්ශන මධ්යස්ථානයක් (International Gem Hub) ඇතුළු පර්යේෂණ, ලැබ්, ප්රදර්ශන සහ සංචාරක/ව්යාපාරික පහසුකම් සහිත ජාත්යන්තර මධ්යස්ථානයක් 2030 වන විට ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්යවරයා මෙහිදී ප්රකාශ කළේය. එපමණක් නොව, රළු මැණික් ආනයනයේ සහ අපනයනයේ පවතින බාධක ඉවත් කරමින්, ගුවන් තොටුපළ සහ රේගු පහසුකම් දියුණු කරමින් මෙම කර්මාන්තය ජාත්යන්තර ප්රමිතීන්ට අනුව තවදුරටත් සවිබල ගැන්වීමට වත්මන් රජය පියවර ගනිමින් සිටී.
MostRead

VideoStories
Stock Market
Market Closed
Share Volume
N/A
Turnover
N/A
ASPI
N/A
N/AN/A%
S&P SL20
N/A
N/AN/A%











